ෆේස්බුක් එකෙන් සෙට් වුණු සුරූපී තරුණියන් සමඟ මත් වී වේයන්ගොඩ හෝටලයක දැමූ අමුතු සාදයට වුණු දේ

ෆේස්බුක් එකෙන් සෙට් වුණු සුරූපී තරුණියන් සමඟ මත් වී වේයන්ගොඩ හෝටලයක දැමූ අමුතු සාදයට වුණු දේ – Video & Photos…
මත්වෙන්න පාචිච්චි කරපු දේ..
තරුණියන් 8 ක් සමඟ තරුණයන් 54 ක් දෙනෙක්..
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඒකාරාශී වී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයක් පසුගිය 26 වනදා වේයන්ගොඩ පොලිසිය වටලා අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 62 නාගෙන් 8 දෙනෙකු අද අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.
එහිදී එක් තරුණයෙකු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නටත්, ඉතිරි 7 දෙනා රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටත් නියෝග කෙරුණා.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ එකතු වූ තරුණ තරුණියන් පිරිසක් වේයන්ගොඩ – කුරීකොටුව ප්‍රදේශයේ නවාතැන්පොළක සාදයක් පවත්වමින් සිටියදී පොලීසිය ඊයේ වටලනු ලැබුවා.
එහි තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති අතර සිද්ධියට සැකපිට තරුණයන් 54 දෙනෙකු සහ තරුණියන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
එම සාදයට සහභාගි වූ එක් තරුණයෙක් බීමත්ව මෝටර් රථයක් පදවාගෙන ගොස් සිදුකළ අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය කරන අවස්ථාවේදී ඔහු පොලිසියටද පහරදී ඇති අතර, එහිදී මෙම සාදය පිළිබඳ අනාවරණ වුණා.
අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගෙන් 54 දෙනෙකුට දැඩි අවවාදමත පොලිසිය විසින් මුදාහැරි අතර, ඉතිරි තරුණියක් ඇතුළු 7 දෙනෙකු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, එක් තරුණයෙකු රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව යටතේ ඊයේ (27) අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.
එහිදී රිය අනතුරට සම්බන්ධ සැකකරු මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නටත්, ඉතිරි 7 දෙනා රුපියල් 25,000 බැගින් ශරීර ඇප මත මුදාහැරීමටත් අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල එම්. පතිරණ මහතා නියෝග කළා.

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment