ෆේස්බුක් මාසයකට වසා තැබීමට රජයෙන් තීරණයක්…..
ඕස්ට්‍රේලියාවට ආසන්නම දූපත් රටක් වන පැපුවා නිව්ගිනියාව රාජ්‍යයේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මාසයක පමණ කාලයක් තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැපුවා නිව්ගිනියානු රජය මෙම තීරණය ගැනීමට හේතුව වී ඇත්තේ එරට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය පරිශීලනය කරන පරිශීලකයන් අතරින් බොහොමයක් ව්‍යාජ පරිශිලකයන් ( fake users) විවිධ වංචනික ක්‍රියා සිදු කිරීමයි.
මෙලෙස ෆේස්බුක් හරහා සිදුවන මෙවැනි වංචනික ක්‍රියා නිසා එරට ෆේස්බුක් පරිශීලකයන්ට හා ජනයාට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.
පැපුවා නිව්ගිනියානු රජයේ සන්නිවේදන ඇමති වන Sam Basil පවසන්නේ මෙලෙස මාසයක් ෆේස්බුක් තහනම් කර මේ පිළිබඳව පර්යේෂණයක් සහ විශ්ලේෂණයන් සිදුකිරීමට නියමිත බවයි.
මේ අතර ව්‍යාජ පරිශීලකයින් විසින් ෆේස්බුක් අඩවියේ පළකර ඇති අසභ්‍ය ඡායාරූප, ව්‍යාජ පුවත් වැනි දෑ මෙම මාසය තුළ එරට සමාජ ජාලයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
එරට සිදුවන මෙම සිදුවීම පිළිබඳ අධ්‍යනය කිරිමට පැපුවා නිව්ගිනියානු රජය විසින් ෆේස්බුක් සමාගම වෙතද දැනුම් දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
0 comments :
Post a Comment