පසුගිය දිනක මාධ්ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්ය ප්රසාද් කොළඹගේ ඉන්දියාවේ පැතිර යන, කළු දීලිර ආසාදනය වැලඳුණු පුද්ගලයෙක් අම්පාර පුරදේශයෙන් වාර්තා වූ බව කළ ප්රකාශයත් සමඟ, එම ප්රවෘත්තිය සියලු මාධ්ය හරහා වේගයෙන් පැතිර ගියේය. පසුව මේ පිළිබඳව අදහස් දක්වමින් අම්පාර දිස්ත්රික් ප්රාදේශීය වසංගත රෝග විද්යාඥ වෛද්ය වජිර රාජපක්ෂ පවසා සිටියේ එම පුවත පදනම් විරහිතව සිදු කළ අසත්යඉ ප්රකාශයක් බවයි. අම්පාර කොවිඩ් ප්රතිකාර මධ්යස්ථානයේ සිටි එම පුද්ගලයා මිය ගොස් තිබුණේ මොළයේ ඇති වූ දිලීර ආසාදනයකින් බව ද හෙතෙම පැවසීය. කළු දිලීර ආසාදනය ද මොළයට බලපාන බැවින් මේ පිළිබඳව ජනතාව තුළ කුකුසක් මතුව තිබේ. මේ වනවිට ඉන්දියාවේ පැතිරෙමින් තිබෙන කළු දිලීර රෝගය හෙවත් කළු පුස් රෝගය (Black fungus)වෛද්ය විද්යාවේ හඳුන්වනු ලබන්නේ "‘මියුකොමයිකසිස්’ (mucormycosis)යනුවෙනි.මියුකොමයිකසිස්’ (Mucormycosis)යනු දිලීර වර්ගයක් නිසා ඇති වන ඉතා දුර්ලභ ආසාදනීය තත්ත්වයකි. මෙහි රෝග ලක්ෂණ වන්නේ නහය දෙපැත්ත කළු වීම, තල්ල කළු පැහැ වැනි දේය. පස්, ශාක වර්ග, පොහොර, නරක් වූ පලතුරු සහ එළවළු ආදියේ එම දිලීරය බහුලව දක්නට ලැබේ. මේ දිලීරය සෑම තැනකම පැවතිය හැකිය.
එය පසෙහි සහ වාතයේ මෙන්ම නිරෝගී මිනිසකුගේ නාසයේ හෝ සෙම සොටු ආදියෙහි පවා තිබේ. නාසය තුළින් බීජානු ශරීරය තුළට ඇතුළු වී කළු දිලීරය ආසාදනය විය හැකිය. 'සෛනස්' (sinuses)තත්ත්වයන්ට, මොළයේ සහ පෙනහළුවල ආසාදනයවීම් කෙරෙහි හේතුවිය හැකිය. ‘මියුකොමයිකසිස්’ (mucormycosis)නම් කළු දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවේ. එය මීට ප් රථම මෙරටින් වාර්තා වූ දිලීර ආසාදනයකි. මෑත උදාහරණ විදිහට 2019 වසරේදී කළු දිලීරය ආසාදනය වූ රෝගීන් 42 දෙනකු ද, 2020 වසරේදී රෝගීන් 24 දෙනකු ද සහ 2021 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා රෝගීන් 24 දෙනකු ද මෙරටින් වාර්තා වී ඇති බව වෛද් ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්ය ප්රිමාලි ජයසේකර පැසුවාය. ඇය සඳහන් කර සිටියේ, දීලිර සම්බන්ධ සියලු පර්යේෂණ සඳහා වන සාම්පල වෛද්ය පර්යේෂණායතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවට ලැබෙන බැවින් මේ දක්වා මෙරටින් වාර්තා වූ එකදු කොවිඩ් 19 ආසාදිතයෙකුට හෝ මෙම දිලීරය ආසාදනය වී ඇතැයි, මෙතෙක් තහවුරු වී නැති බවයි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත කිසිදු රෝගියකුට‘මියුකොමයිකසිස්’ (mucormycosis)ආසාදනය වී නැත.එසේ වුවත් ශ්රී ලංකාව නිරක්ෂය ආසන්නයේ පිහිටි රටක් නිසා මෙම දිලීරය වර්ධනයට අවශ්ය සියලු පරිසර සාධක මෙරට තුළ පවතින බව ඇය සඳහන් කළාය. එසේම මෙම කළු දිලීර ආසාදනය වන්නේ ප්රතිශක්තිකරණය පද්ධතිය දුර්වල රෝගීන්ට (දියවැඩියා පිළිකා, අවයව බද්ධ කළ.. ) මෙම දිලීරය ආසාදනය වීමේ වැඩි නැඹුරුවක් පවතින බව සහ මීට පෙර එවැනි ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ට මෙම දිලීරය ආසාදනය වී ඇති බව ද දිලීරවේදී විශේෂඥ වෛද්&ය ප්රිමාලි ජයසේකර ප්රකාශ කළාය. ඇය පවසන අන්දමට කළු දිලීර රෝගී තත්ත්වය බෝ වන රෝගී තත්ත්වයක් නොවන නිසා ජනතාව කිසිදු බියක් ඇති කර ගත යුතු නැත . අම්පාර Covid 19 ප්රතිකාර මධ්යස්ථානයේ ප්රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු කළු දිලීර (Black fungus) සෑදීමෙන් මියගිය බවට පැතිරෙන තොරතුරු සාවද්ය බව පවසන අම්පාර මහරෝහලේ ක්ෂුද්ර ජීවී විශේෂඥ වෛද්ය වජිර රාජපක්ෂ; අදාළ රෝගියා මියගොස් ඇත්තේ ඉහත කී දිලීරය මඟින් නොව බහුලව හමුවන ඊස්ට් (Yeast)වර්ගයේ දිලීරයක් නිසා බව කියා සිටියේය. කලාතුරකින් දැකිය හැකි මෙම දිලීරය සෑම දෙනාගේම පාහේ නාස් පුඬුවල පැවතිය හැකි අතර, අවස්ථාව අනුව අපව රෝගී තත්ත්වයට පත් කරන බවය. මෙය පරිසරය තුළ ද බහුලව ඇත. රෝග ලක්ෂණ ආසාදනය වූ ඉන්ද්රිය මත තීරණය වන අතර, බහුලවම හමුවන්නේ කෝටරක ප්රදාහය සම්බන්ධ රෝග ලක්ෂණ වේ.
This comment has been removed by a blog administrator.
ReplyDelete