නිලන්ති ඩයස් වාහනය ඇතුළේ තමයි ඇඳුම් ගැලෙව්වේ – නිලන්ති ඩයස් ගැන පිං පොම් කියන කතා

“මගේ ජිල්මාට්වලට අහුවුණු නැති එකම කෙනාත් නිලන්තිම තමයි..”
“නිලන්ති කේන්ති ගියාම එයාගේ ඇස්වලින් හඳුනාගන්න පුළුවන්..”

රජිත හිරාන් වගේම නිලන්ති ඩයස් කියන්නේ අපේ රටේ ජනප්‍රිය තරු දෙකක්. මේ තරු දෙකම රංගනයෙන් ජනතාවගේ ආදරේ දිනාගත් චරිත. රජිතගෙයි නිලන්තිගෙයි සමීප සම්බන්ධය ගැන රජිත පුවත්පතක් එක්ක මේ විදිහට කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
රජිත… මතකද නිලන්තිගේයි ඔයාගේයි මේ යාළුකම ඇති වෙන්න මුලින්ම මුණගැහුණු කාලය එහෙම…?
ඔව්… ඔව්… හොඳට මතකයි. මම මේ ෆීල්ඩ් එකට එන්න කලින්ම තමයි නිලන්ති ෆීල්ඩ් එකට ඇවිත් තිබුණා. ඒ නිසා මම රූපවාහිණියෙන් එහෙම නිලන්තිව දැකලා තිබුණා. හැබැයි එතකොට නම් මගේ හොඳම මිතුරිය නිලන්ති වෙයි කියලා හිතුවේ නැහැ. මගේ මංගල චිත්‍රපටය වුණු “දවල් මිගෙල් රෑ දනියෙල් චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගි වුණා. එතකොට මම අලුත්ම අලුත් නළුවෙක්. තට්ටුගෙවල්වල කොටස් හතරක් පහක් රඟපාලා තිබුණා. නළු නිළියෝ අතර මම බොහෝම ආධුනිකයෙක්.

ඒ වෙනකොට එතනදී මාව කවුරුත් එහෙම ලොකුවට එතන ගණන් ගත්තේ නැහැ. මම ඒ කාලේ අලුත් එකෙක්නේ. ඉතින්… මට ඒ නොගැලපෙනවා වගේ හිතුණු තැනේ කෙළවර මේසයක තනියම වාඩිවෙලා හිටියා. ඔය වෙලාවේදී නිලන්ති එයාගේ අම්මත් එක්ක ඇවිත් මාව දැකලා “ආ… කොහොම ද අපි ඔයාව ටී.වී. එකේ දැකලා තියනවා… කියලා මාත් එක්ක කතා කරලා එයාලා වාඩි වුණු මේසෙට මටත් කතා කළා.
ඊට පස්සේ මට හිතට පොඩි හයියක් ආවා. කෙහොම හරි මුහුරත් උළෙලේ පහන පත්තු කරද්දී මට නිලන්ති එක්ක තමයි පහන පත්තු කරන්න ආරාධනා කළේ. ජීවිතේ මුහුරත් උළෙලක මුල්ම වතාවට පහන පත්තු කරන්න ආරාධනා ලැබුණෙත් නිලන්ති එක්කම තමයි. එදා ඉඳන් නිලන්ති මගේ හොඳම යෙහෙළිය වුණා.
නිලන්ති මිතුරියක් විදිහට කොයිවගේ කෙනෙක්ද…?
මට හොඳ හිතවත් රංගන ශිල්පිනියන් ගොඩාක් ඉන්නවා. ඒ අතරින් නිලන්ති මට හොඳ යෙහෙළියක්. නිලන්ති කවදාවත් අනුන්ගේ කිසිම දෙයක් හොයලා නැහැ. අනිත් අයව කපාගෙන තමන් ඉස්මතු වෙන්න ඕනේ කියන සිතුවිල්ල නිලන්තිගේ හිතේ කොනකවත් නැහැ. නිලන්ති තමන්ගේ පාඩුවේ තමන්ට වැඩක් ලැබුණොත් ඒ දේ හරියට කරන කෙනෙක්. කැපීපෙනීමේ ආසාව නිලන්තිට නැහැ. නිලන්ති කවදාවත් අවස්ථාවාදී කෙනෙක් නෙවෙයි.

නිලන්ති හැමවෙලේම සිනාමුසු මුහුණෙන් ඉන්න කෙනෙක්නේ…?
ඔව්… එයා හැමවෙලේම හරිම සතුටින් ඉන්න කැමති කෙනෙක්. මගෙත් හිටපු ගමන් මගේ මිතුරු මිතුරියන් ජිල්මාට්වලට අහුවෙනවනේ. හැබැයි මම හිතන විදිහට මගේ ජිල්මාට්වලට අහුවුණු නැති එකම කෙනාත් නිලන්තිම තමයි. හිනාවෙලා හිටියට නිලන්ති සැබෑ ජීවිතේ දී හරි බැරෑරුම් චරිතයක්. අපි කතා කළොත් කතා කරන්නේ වැඩක් ගැන හරි ප්‍රශ්නයක් ගැන හරිනේ. එතකොට එයා තමයි උපදෙස් දෙන්නේ. ඉතින් කොහොමද එයාව බයිට් කරන්නේ. තාමත් නිලන්තිට ජල්තරයක් දීගන්න බැරිවුණා.

ඔය කාලේදී අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද…?
ඔව්… ඔව්… එහෙම වෙලා තියෙනවා. ඒ කාලේ අපි “දුම්මල වරම කියලා වේදිකා නාට්‍යයක් කළා. ඒකේදී නිලන්තියි මමයි දෙන්නම රඟපෑවා. ඉස්සර නිලන්තිගේ අම්මා තමයි හැමදේම හොයලා බලලා කරන්නේ. ඉතින් ඇන්ටිට පැටලිලා “දුම්මල වරම වේදිකා නාට්‍යය මහරගම වේදිකා ගත කරන දවසේම මොරටුවේ ඩාන්සින් ෂෝ එකකුත් බාර අරගෙන තිබුණා. දැන් දෙකෙන් එකකටවත් පොලු තියන්න බැහැනේ. ඉතින් දැන් ඇන්ටි බය වෙලා. “අනේ පුතේ… ඔයත් කියන්න මේ ෂෝ එකේ ඔයත් ඉන්නවා කියලා කියන්න.

කිව්වා. ඉතින් දැන් මම නිලන්තිව බේරගන්න ඕන නිසා වේදිකා නාට්‍යය තුනහමාරට රඟපාලා දුවලා ගිහින් නිලන්තිගේ තාත්තාගේ වාහනයට නැග්ගා. අපි වාහනය ඇතුළේ තමයි ඇඳුම් මාරු කළේ. කොහොම හරි ඉක්මනටම මොරටුවට ගිහින් අපේ නැටුම අපි නටලා ආයේ අනිත් අතට “දුම්මල වරම හයයි තිහේ වේදිකා නාට්‍යයට මහරගමට ආවා. ඔන්න ඔහොම තමයි නිලන්තිගේ පැටලිලිවලට මම හවුල් වුණේ. තව පොඩ්ඩෙන් වැඩ දෙකම හබක්.
නිලන්තිට කේන්ති යනවද…?
නිලන්තිට ඉඳලා හිටලා කේන්ති යනවා. හැබැයි කවදාවක් කේන්ති ගියාට ඒ කේන්තිය පිටකරන්නේ නැහැ. මාත් එක්කල නම් නිලන්තිට කේන්ති ගිහින්ම නෑ… නිලන්ති කේන්ති ගියාම නිලන්තිගේ ඇස්වලින් හඳුනාගන්න පුළුවන්. ඒ වෙලාවට ඇස්වල පොඩි තෙත ගතියක් වගේ තියෙනවා. එතකොට එයාට කේන්ති ගිහින් හරි මොකක් හරි ප්‍රශ්නයක හරි කියලා දැනගන්න පුළුවන්.

රජිත ඇත්ත කියන්න නිලන්ති එක්ක යාළුවෙක් විදිහට තරහ වෙලාම නැද්ද…?
අනේ නැහැ. එහෙම නම් තරහා වෙලා නැහැ. මොකද නිලන්ති කියන්නේ කිසිම තරහක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවේ. අනික අපි මොකට කියලා තරහා වෙන්නද… නිලන්ති රංගන ශිල්පිනියක් වුණාට හොඳ නර්තන ශිල්පිනියක්. ක්ෂේත්‍රයට නිලන්ති එන්නෙත් නර්තන ශිල්පිනියක් වීමෙන්. හැබැයි කිසිම දවසක නිලන්ති ඒ නර්තන ශිල්පිනිය නිසා ඔළුව උදුම්මවා ගත්තේ නැහැ.

අපි එක්තරා නර්තන තරගාවලියකටත් සහභාගී වුණා. ඒ වෙලාවේ වුණත් නිලන්ති එයා ඉස්මතු වෙන්න දැගලුවේ නැහැ. ප්‍රසංගයකදී වුණත් “මට තව අයිටම් එකක් ඕනේ කියලා කවදාවත් කියලා නැහැ. කණ්ඩායමක් විදිහට අපි ඒ දේවල් තීරණය කරද්දී නිලන්ති පැත්තකට වෙලා බලාගෙන ඉඳලා “දැන් මම මොනවද කරන්නෝනේ කියලා අහලා. ඒ දේ කළාට කවදාවත් “මට ඔය වැඩේ හොඳට පුළුවන් මම කරන්නම්. කියලා කියන්නේ නම් නැහැ.
රජිත එක්ක සහභාගීවෙන වැඩහටහන්වලදී නිලන්තිට කතා කරන්න දෙන්නේ නැත්තේ ඇයි…?
මම…? අනේ එහෙම මම කතා නොකර ඉන්න කිසිම දෙයක් නම් කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය වැඩසටහන්වලට ගියාම මගේ කටට නම් ඉතින් බ්‍රේක් නැති වෙනවනම් තමයි. ඒවගේ වෙලාවට ඔහේ කටට එන හැමදේම කිව්වට පස්සේ නම් ඉතින් කට්ටියම බඩ අල්ලගෙන හිනාවෙනවා නම් තමයි. නිලන්ති ඉතින් හිනාවෙන්න දන්නෙම නැහැ.

හැබැයි ඉතින් ඒවගේ වෙලාවට නිලන්ති නම් කියන්නේ “ඔය කට පොඩ්ඩක් වහගන්නකෝ… කියලා නේද…?
ඔව්නේ… මොකද ඉතින්… ඒක එයාලා කියන්නේ මට හොඳට නෙමෙයි. හිනාවෙලා… හිනාවෙලා… එයාලගේ හුස්ම හිරවෙයි කියන බයට තමයි මට “කට වහ ගන්නකෝ කියලා කියන්නේ. හැබැයි සමහර වෙලාවට මට කේන්ති ගිහින් පොඩ්ඩක් මොකක් හරි දේකට කෑ ගැහුවොත් ඔන්න නිලන්ති යාළුවෙක් විදිහට ළඟට ඇවිත් “පොඩ්ඩක් කටවහගෙන ඉන්න කියලා කියන වෙලාවලුත් තියෙනවා.නිලන්ති වගේ යාළුවෙක් ජීවිතේට මුණගැසීම ගැන මොකද හිතෙන්නේ…?

නිලන්ති වගේ යාළුවෙක් මගේ ජීවිතයට මුණගැසීම ඇත්තටම ආඩම්බරයක්. මම වගේම තමයි. පවුලක ඉන්න හොඳ නැවියෙක් තමයි නිලන්ති කියන්නේ. එයාගේ පවුල කියන නැව පදවගෙන ගියපු හොඳ නැවියා තමයි නිලන්ති. මල්ලිලා රස්සාවල් කරන්න කලින් නිලන්ති තමයි එයාගේ පවුල වෙනුවෙන් ගොඩාක්ම වැඩ කළේ. පවුලේ දේවල් වෙනුවෙන් ලොකු බරක්, කාලයක්, නිලන්ති කැප කළා. නිලන්ති එයාලගේ පවුල ඇතුළේ හොඳ කැප්ටන් කෙනෙක්. ඇත්තටම නිලන්ති මට හොඳ මිතුරියක්.

Image result for රජිත

Image result for නිලන්ති

Image result for නිලන්ති

Image result for නිලන්ති



Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment