අද අපි සාකච්ජා කරන්නෙ බොහෝ දෙනෙකු අසා ඇති ඉතා බහුල වෛද්‍ය ගැටලුවක් ගැන .එනම් ළමා වයසේදී මෙන්ම වැඩිහිටි වයසේදී පවා ඇතිවිය හැකි හතිය රෝගය ගැන .හතිය රෝගය වැඩිපුරම ඇති වන්නේ කුඩා දරුවන්ටයි.නමුත් වැඩිහිටියන් තුලද දැකිය හැකියි.
1.හතිය යනු කුමන තත්වයක්ද ?
හතිය යනු අපේ ශ්වසන පද්ධතියේ ශ්වසන නාල වල සිදුවන ආසාධන තත්වයක්.එහිදී ශ්වාස නාල කුඩා වී අවහිර වීමක් නිසා හුස්ම ගැනීමට අපහසුවනවා. මෙම තත්වය නිතර ඇතිවන අයගෙ එනම් හතිය රෝගයෙන් පෙලෙන්නෙකුගේ මෙසේ ශ්වසන නාල කුඩා වී තිබෙන කාලය එක් එක් රෝගියාගෙන් රෝගියාට වෙනස්වේ.
මෙම ආසාධන තත්වය නිසා ශ්වාස නාල වල සිනිදු පේෂි හැකිලීමකට ලක් වෙනවා.ශ්වසන නාලයේ ශ්ලේෂ්මල නිපද වීම වැඩි වනවා.ශ්වසන නාලයේ ඉදිමීම වැනි තත්වයකට ලක් වනවා.ශ්වසන නාල කුඩා වීමට ලක් වනවා.මේ නිසා ශ්වසන නාල තුලින් වාතයට ගමන් කිරීම අපහසු වනවා.එය හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීමට හේතුවයි.
2.මෙම තත්වය ඇතිවීම කෙරෙහි බලපාහැකි සාධක කවරේද ?
මෙයට ජානමය සම්බන්ධයක් තියෙනවා.මෙය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන රෝගයක් . එනම් පවුලේ මවට හෝ පියාට තිබේනම් දරුවන්ටත් රෝගය ඇතිවීමේ අවධානමකුත් තියෙනවා.මීට අමතරව බොහෝ පාරසරික තත්ව මෙම රෝගය ඇතිවීමට හේතු විය හැකියි.
දූවිලි, වාහන දුම , සිගරට් දුම , වැනි වාතය දූෂණය වන සාධක ,හදුන් කූරු දුම , සුවඳ විලවුන් සැර,තීන්ත වැනි රසායනික ද්‍රව්‍ය වලින් එන සුවඳ, මගින් ද හතිය ඇති වීමට හේතු වියහැකියි.
ගෙවල් වල සුරතලයට ඇති කරන සතුන් බල්ලන්,පූසන් කුරුල්ලන් වැනි සතුන් ගේ ලෝම , පිහාටු ද හතිය ඇති කිරීමට හේතු විය හැකියි. දරුවන් ගෙදර සෙල්ලම් කිරීමට ගන්නා පුලුන් පිරවූ සෙල්ලම් බඩු ,ලෝම සහිත රෙදි වලින් සැකසූ උපකරණ ද හතිය සඳහා හේතු විය හැක..
කැරපොත්තන් වැනි සතුන් ගේ බහිස්රාවී ද්‍රව්‍ය , ගෙදරදොර දූවිලි නිසා ඇතිවන ගෘහාශ්‍රිත මැක්කන් ද මෙම රෝගය ඇතිවීමට හේතු වේ. ඒ වගේම තමයි අසාධන තත්ව වලින් පෙලෙන පුද්ගලයින්ට හතිය වැලදීමේ වැඩි අවධානමක් තියෙනවා.එ කියන්නේ පීනස ඇති පුද්ගලයින්ට නිතර හොටු දියර ගලන සෙම්ප්‍රතිශ්‍යාව ඇති පුද්ගලයින්ට හතිය හැදීමේ අවධානමක් තියෙනවා.
තව බොහෝ අසාධ්‍ය රෝග වලින් දිගු කාලීනව පෙලෙන අයටත් එ නිසාම ඔවුන් ගේ ප්‍රතිශක්තිය අඩු වීම නිසා හතිය තත්වයට ඉක්මනින් ගොදුරු විය හැකියි. හතිය වැලදෙන පුද්ගලයන් ගතහොත් ඔවුන්ට අවබෝධයක් තිබෙනවා තමාගේ රෝගී තත්වය ඉහල නන්වන සාධක පිලිබඳව. එම නිසා ඔවුන් එවාගෙන් ඈත්ව සිටීම ඔවුන් ගේ වගකීමක් .
මෙහිදී දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද ?
වැදගත්ම මූලික රෝග ලක්ෂණ වනුයේ හුස්ම ගැනීමේ අපහසුව , පපුවේ තද ගතියයි. හුස්ම ගැනීමේ අපහසුව නිසාද ශ්වසන නාල අවහිර වී ඇති විට එ හරහා වාතය ගමන් කිරීම නිස හුස්ම ගැනීමේදී රූන් රූන් වැනි ශබ්දයක් ඇසිය හැකියි.
ඇතැම් අයට මේ තත්වය ඇතිවීමට පෙර කැස්ස සහ පපුවේ සෙම තත්වයක් ඇතිවිය හැකියි.ඇතැම් විට හතිය වැඩි වූ අවස්ථා වලදී හුස්ම ගැනීමේදී දැඩි ආයාසයක් දැරීමට වන නිසා පපුවේ සහ බෙල්ලේ අමතර පේෂීන් ද ක්‍රියාවට යෙදෙවෙන නිසා රෝගියා අපහසුවෙන් හුස්ම ගන්න බව නිරීක්ෂණය කල හැක.
මෙම තත්වය තව දුරටත් උග්‍ර වුවහොත් රෝගියාට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබීම නිසා රෝගියා ක්‍රමයෙන් නිල් පැහැයට පවා හැරෙනු දැකගත හැකියි.
එවැනි අවස්ථාවක පපුව තදවී රෝගියා සිහිමද ගතියකට උවත් යා හැක.
මෙම භයානක තත්වය ඇතිවීමට පෙර අත් පා සීතල වීම ,හිරි වැටීම අත්ල , පාද යටි පතුල් වලට දාඩිය දැමීම වැනි පූර්ව ලක්ෂණ පෙන්නුම් කල හැකියි.ඇතැම් විට මෙසේ දරුණු තත්වයට පත්වූ පසු ඇතැම් රෝගීන් ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වන අතර එවිනි රෝගීන්ට මරණය පවා අත්විය හැක.
රෝග තත්වයට හේතු කාරක වන තත්ව හදුනාගෙන අවධානම් සාධක හඳුනාගෙන හැකිතාක් එම රෝගයෙන් ආරක්ෂාවීමට කතයුතු කිරීම ඉතාම වැදගත් .
මෙහිදී අවධානයට ලක්විය යුතු කරුණු මොනවාද ?
අපි කලින් සඳහන් කලා මේ රෝගය ඔනෑම වයසකදී ඇතිවියහැකි තත්වයක් බවත් නමුත් බහුලවම කුඩා ලමුන් තුලත් දැකිය හැකි බව.මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුත්තේ කුඩා ලමයින්ට මේ තත්වය ඇතිවූ විට ඔවුන් ගේ පාසල් අධ්‍යාපන කතයුතු මෙන්ම ක්‍රීඩා කටයුතු මෙන්ම ක්‍රියාශීලීත්වය අඩුවීමටද මෙය හේතුවක් විය හැකියි.
රාත්‍රී කාලයේදී හුස්ම ගැනීමේ අපහසුතා නිසා , පපුව තද වීම වැනි ලක්ෂණ , කැස්ස වැනි දේ මගින් නින් දට බාධා ගෙන දෙනවා. නැතිනම් දිගින් දිගටම රාත්‍රී නින් දට බාධා ඇතිවීම නිසා දරුවා පන්ති කාමරය තුල නිදි කිරා වැටීම , පාඩමේදී අවධානය ගිලිහීයාම ,ක්‍රීඩා කටයුතු මග හැරීම සිදුවිය හැකියි.එසේම ව්‍යායාම වලදී ඇතිවන හතිය තත්වය දරුවාගේ ක්‍රියාශීලීත්වය සම්පූර්ණයෙන්ම උදුරාගත හැකියි.එමනිසා මෙවැනි දරුවන් ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකලයුතු වනවා.
ප්‍රතිකාර
ඉන්හේලර් භාවිතයෙන් රෝග ලක්ෂණ පාලනය කිරීමට හැකියි.
විටින් විට රෝග ලක්ෂණ ; හතිය ඇතිවන අයට එසේ රෝග ලක්ෂණ වැඩිවන අවස්ථාවලදී භාවිතා කිරීමට ඉන්හේලරය නිර් දේශ කරනවා.නිරන්තරයෙන් හතිය පවතින රෝගීන්ට දිගුකාලීනව භාවිතයට ඉන්හේලර් යන්ත්‍ර නිර්දේශ කරනවා.ක්‍රීඩා කරනවිට ඇතිවිය හැකි හතිය මර්ධන කිරීමට එම රෝග ලක්ෂණ මර්ධනය කිරීමට ඒ ඒ ඉන්හේලර් යන්ත්‍ර ලබාදෙනවා.
හතිය නිට්ටානවට සුව කල හැකිද ?
හතිය නිට්ටාවටම සුව කල හැකිද නොහැකිද කියන්න බැහැ.ප්‍රතිකාර ක්‍රම මගින් කරන්නේ දිගු කාලීනව රෝග ලක්ෂණ මර්ධනය කිරීමක්.කුඩා අවධියේදී ඇතිවන හතිය නම් බොහෝ දුරට වැඩිවියට පත්වීමත් සමග මග හැරී යනවා.
එසේම රෝගය ඇති කරන අවධානම් සාධක මෙන්ම රෝග ලක්ෂණ වැඩි කරන සාධක වලින් ඈත්වී සිටීමට හැකිනම් රෝගය මග හරවා ගත හැකියි .
0 comments :
Post a Comment