ඒ කාශ්‍යප සම්බුදු රදුන්ගේ යුගයයි..එක් දුප්පත් අම්මා කෙනෙක් ඉතා මහන්සියෙන් සොයා ගන්නා ධනයෙන් දිනපතා ස්වාමින් වහන්සේලාට දන් පූජා කරයි..
දිනක් ඉතා වෙිලාසනින් ස්වාමින් වහන්සේලා දෙනමක් මෙ දුප්පත් අම්මාගේ නිවසට පිඩු සිගා වැඩියේය..උදෑසන වැඩි නිසා දානය තවමත් සකසා නොතිබිනි..
“”අනේ ස්වාමිනි මම තවමත් දානය සකස් කලේ නෑ…මම ඉක්මනින් දානය සකසන්නම්..නුඹ වහන්සේලා අන්න අර ධර්ම ශාලාවට වඩින්න..එතැන දහම් අසන්නට පිරිසකුත් ඉන්නවා නොවැ…””
එසේ කියා හනි හනික පින්වත් අම්මා දන් සැකසීය..
දානය සකසා අවසන් විය..දැන් ස්වාමින් වහන්සේලාට සිත් සේ දන් පුදන්නට හැකිය…
“”මගේ දුවෙි ඉක්මනට දුවලා ගිහින් අර ස්වාමින් වහන්සේලා දෙනම වඩම්මවාගෙන වරෙන්..දන් සකසලා අහවර වුනා විතරයි…ඉක්මනට පලයන් මයේ දුවෙි…””
අම්මගේ ඉල්ලිමට දුවණියද සැනකින් ධර්ම ශාලාව වෙත දිව ගියාය..ඒ වන විටත් ස්වාමින් වහන්සේලා ධර්මය දේශනා කරමින් සිටියේය..ඇයට දානය අමතක විය.. ඇයත් ඉදගෙන බණ අසන්නට විය..දහම් දේශනාව අවසන් වූ විට කෙල්ල 3වරක් හයියෙන් සාධුකාර දුන්නාය..
සාධු! සාධු!! සාධු!! නමස්කාර වෙිවා!!! ඒ ශ‍්‍රී සත්ධර්මයට!!!..
ඇය හඩ නගා කීවාය.. එවිටම අම්මාගේ පණිවිඩය ඇයට මතක් විය…විගහට ස්වාමින් වහන්සේලාට වැද දානයට ආරාධනා කොට නිවසට දිව ගියාය…
දනට ආරාධනා කරන්නට ගිය කෙල්ලට වූයේ කුමක්දැයි සිතමින් අම්මා මග බලමින් සිටියාය…දුවණිය බණ අසා පැහැදුනු බවක් අම්මා නොදන්නීය..ධර්ම ශාලාවෙි සිට හිනැහෙමින් දිව එන කෙල්ලට දුර තියාම අම්මා බැණ වැදුනාය..
“අනේ හිතුවක්කාර කෙල්ල උඹ මෙචච්ර වෙලා කෙහෙද රස්තියාදු ගැහුවෙි..උඹ විකාලේ වලදවන්නද ස්වාමින් වහන්සේලාව එක්කන් ආවෙි…
වරදක් නැතිවත් බැණ වදින අම්මා ගැන කෙල්ලට තරහ ගියේය..තරුණ කමත් පණ්ඩිතකමත් ඇසූ බණ පද අමතක කර දැමුවාය.. මෙි සිටින්නේ දසමසක් කුස තුල තියා හැදු තමන්ගේ අම්මා බව ඇයට අමතක විය..
“අනේ මම බණ අසමින් හිටයේ.. වරදක් නැතිව මට මෙි “රොඩී ගෑනි” බණින හැටි කියමින් ගෙට දිව ගියාය..
දැන් කරන්නට දෙයක් නැත ඇය වචනය වරද්දා ගත්තාය…එතන් පටන් උපදිනා ආත්මයක් ආත්මයක් පාසා ඇය උපන්නේ අඩු කුලයේය..බණ ඇසූ දන් පිදු පිනෙන් ඇය කෙතරම් ලස්සන වුවත් අම්මට බැණපු කර්මයෙන් ඇය රොඩී කෙල්ලක් වී උපන්නේය..
අවසානයේ ඇය අප ගැමුණු මහ රජුන් රජ කල යුගයේද උපන්නේය.. ඒත් කර්මයෙන් මිදෙන්නට ඇයට බැරි විය..රොඩි අම්මෙකුට දාව ලස්සන දූකුමරියක් උපන්නේ..එදා බණ අසා තෙවරක් සාධුකාර දුන් නිසා ඇයගේ කටින් අශෝක මල් සුවද හමන්නේය..ඒ නිසා ඇය අශෝකමාලා විය..
සසර පුරා ඇයත් සමග අතිනත ගත් පින්වතාද ඒ වන විට ගැමුණු රජුන්ගේ පුත් කුමරා වි ඉපද සිටියේය..ඔහු සාලියයි…ඇය දුටු පළමු දිනයේම සසර පුරා මුණු ගැසුණු පුරුද්දට සාලිය කුමරුගේ හිත අශෝකමාලා ලග නැවතුනේය…
“රාජපුරුෂයිනි මෙතරම් රුවැත්තියක් සුදුසු වන්නේ රජ ගෙදරටයි..අද පටන් ඇය මගේ බිරිද වන්නේය..කියා සාලිය කුමරුන් ඇයවත් රැගෙන මාලිගයට ගියේය..
පාරේ සිටි රොඩී කෙල්ලක් තම පුතනුවන් විවාහ කර ගත් බව අසා නාගයෙකු සේ කිපුනු ගැමුණු රජු අන්තපුරයට දිව ආවෙි අශෝකමාලා එළියට ඇද දමන්නටය..මහ රජු එනු දුටු අශෝකමාලා විගහින් උන් වහන්සේගේ පා දොවන්නට ඉදිරියට ගියාය.
.ඇය දුටු රජුට උන් හිටි තැන් අමතක විය..ගල් ගැසුනාක් මෙන් මාලා දෙස බලා සිටියේය..ඇය එතරම් ලස්සනය…
කිසිවක් නොකියා ගැමුණු රජු ආපසු හැරී යන්නට ගියේය…ඒ තාත්තගේ හිත එදා තනියෙන් මුමුණන්නට ඇති “මෙි කෙල්ල හරි යන්නේ අපේ එකාටම තමයි.”..කියා….
සාලිය කුමරුන් ද තම තාත්තා මෙන් පෙරුම් පිරූ උත්තමයෙකි..අනාගත මෙත් බදු රදුන්ගේ පුත් කුමරා වන්නේ… සාලිය කුමරුන්ය..එදාට අශෝක මාලා ද ඔහුත් සමග උපදිනු ඇත…තමන්ගේ අම්මට බැණපු කර්මය ඇය ගෙවා දැමුවාදැයි අප නොදනිමු…නැතිනම් එදාටද ඇය අඩු කුලයේ උපදිනු ඇත…
ඒ නිසා තමන් හැදු වැදු දෙමාපියන් කෙරෙහි වචනය වරද්දා නොගැනීම යහපත්කමය…
0 comments :
Post a Comment