විවාහයෙන් පසු සෑම විවාහක යුවලකගේම බලාපෙරොත්තුව දරු සුරතල් බැලීමයි. නමුත් බලාපොරොත්තු තිබු පමණින් එම සිහිනය මල් ඵල ගැන්වෙන්නේ කීයෙන් කී දෙනාට. එය ඉටු නොවෙන යුවලවල ඊ ලග ක්‍රියාව වන්නේ ලක්ෂ ගනන් මුදල් වියදම් කරමින් වෛද්‍ය සහය පැතීමය.
එයද සාර්ථක නොවුනු තැන ගැටළුව කාගේ උනත් බොහෝ විට ලාංකික සමාජයේ ඇඟිල්ල දිගුවන්නේ ගැහැණිය දෙසටයි. දරුවෙකු නොමැති කල සමාජයෙන් එල්ලවල පීඩනය හමුවේ ඉන් පසු ඔවුන්ට පිහිටට එන අමුතුම ව්‍යාපාරයක් පිලිබදවයි මේ හෙලිදරව්ව.
“අද කාලෙ ළමයි නැති කපල් වල ගොඩ හරියකගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ පිරිමි කෙනාගේ. ඔය ප්‍රශ්න ගැන කවුරුවත් හූම් කියන්නෙ නෑ. ගොඩක් ගෑනු අය තමන්ගෙ ප්‍රශ්නයක් නැති බව දැනගෙනත් මනුස්සයට අවනම්බු කරන්න බෑ කියල කට වහගෙන ඉන්නවා. අපි ඉතින් මෙහෙම කපල්වලට තමයි වැඩිහරියක් උදවු කරන්නෙ”
කිරි හීනෙ කලින් කියූ කතාවෙ තවත් එක කොටසකි මෙය. මේ කතාව සමහර විට ඔබ විශ්වාස නොකරනු ඇත. තවත් විටක ඉන්දීය චිත්‍රපටයක ජවනිකාවක් යෑයි සිතෙනු ඇත. එහෙත් සත්‍යය හැමවිටම ප්‍රබන්ධයට වඩා විස්මය ජනකය. දරුවෙක් නැති වුණාම ඒ කපල් එක මාර විදියට වැටෙනවා විශේෂයෙන්ම ගෑනු කෙනා නැන්දම්මාගෙන් වටපිටාවෙ මිනිස්සුන්ගෙන් කුණු කතා අහල හෙම්බත් වෙලා ඉන්නෙ.
“එක වෙලාවක් එනව දරුවෙක් වෙනුවෙන් ඕනෙම දෙයක් කරනව කියන තැනට එන අන්න ඒක තමයි අපේ වෙලාව”
ඔහු සිය කතාව කියාගෙන යයි. මේ හාදයාත් මට හඳුන්වා දුන්නේ කලින් කතාවට ඔත්තුව දුන් වීදි මිතුරියමය නම ගම අලගිය මුලගිය තැන් කිසිවකුට හෙළි නොකරන පොරොන්දුව පිට ඔහු මා හා කතාවට එක්විය.
ඉතින් කොහොමද කට්ටියව හොයා ගන්නෙ මම කිව්වෙ මේ වගේ දේකට කැමැති වෙන කට්ටිය?
ඒවට ක්‍රම සහ විධි තියෙනවා අපි අපේ කට්ටියව යවනව ක්ලිනික්වලට. ඔහොම ඉඳල හෙමිහිට සබ්ජෙක්ට් එකට ගැළපෙන කෙනෙක් ගානට අල්ල ගන්නව. අනිත් එක ඔය ලොකු ලොකු පවුල්වල මිනිසුන්ට ඔය කතා ඒ තරම් දේවල් නෙවෙයි. සමහර ගෙවල්වල ඉන්න ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් ඒ ගෙදර මනුස්සයගෙ නොවෙයි. ඒ මනුස්සයගෙ ඇත්ත ළමයි තව ගෙදරක. POOL PARTY වල නම් චිට් එකක් උඩ දාල තෝරගන්න එක්කෙනා එක්ක රෑ ගෙවන බැඳපු කපල් ඉන්න රටක් මේක.
හරි කෙනෙක්ව සොයා ගත්ත කියමුකො කොහොමද මේ ගනුදෙනුව වෙන්නෙ?
අපි අල්ලගත්ත කෙනාට ෆොන් නම්බර් එක දෙන්නෙ. ඊළඟට ගනුදෙනුව වෙන්නෙ ෆොන් එකෙන්. ගනුදෙනුව කතා කරගත්තට පස්සෙ පිරිමි ළමයෙක්ව තෝරගන්න පුළුවන් ෆොටෝවලින්. ඒ කිවුවෙ දෙන්නගේ ශරීරාංගවලට, හමේ පාටට ගැළපෙන කෙනෙක්ව තෝර ගන්න පුළුවන්. මුලින්ම ඇඩ්වාන්ස් එකක් ඊසි කෑෂ් කරන්න ඕන. ඊට පස්සෙ පිරිමි ළමය ඒ ගොල්ලො කියන තැනට එනව.
ඊට පස්සෙ සාමාන්‍ය විදියට ඒ කස්ටමර්ල පිරිමි කෙනාව තමන්ගෙ වාහනේකින් තමාගෙ තැනකට එක්ක යනව. ගෙනියන්නෙ ඇස් බැඳල. නැග්ග තැනටම ආපහු ගෙනත් දානකම්ම ඇස් වහල තියෙන්නෙ. ඒ නැති ප්‍රශ්න ඇතිවෙන එක නැති කරන්න. වැඩේ කෙරුණට පස්සෙ ඉතුරු සල්ලි ටික ඊෂි කෑෂ් කරනවා. වැඩේ කෙරුනට පස්සෙ කිවුවෙ ළමයෙක් හම්බ වෙන්නම කියල දැන ගත්තම දවස් ගාන හරියට බලල යන නිසා ගොඩක් වෙලාවට හරියනව. මේක අපේ ජොබ් එක. ඒක නිසා අපි වැඩේ ෆුල් සීක්රට් විදියට කරනවා. වෙන වෙන වැඩ කරන්නෙ නෑ.
කොහොමද පිරිමි කට්ටියව සොයා ගන්නෙ?
මේ මොනව අහනවද මන්ද? අතට සල්ලියි ගෑනු කෙනෙක්ගෙ පහසයි. මේක ඩබල් චාන්ස් එකක්නෙ. අනෙක මේක කවුරුවත් පර්මනට් ජොබ් එකක් විදියට කරන්නෙ නෑ මේක පාර්ට් ටයිම් ජොබ් එකක්
කට්ටිය බය නැද්ද ලෙඩ හැදෙයි කියල?
අපේ කොල්ලො සෙට් එකට නම් ලෙඩ නෑ. දරුවෙක් නැති වුණාම ඒ වැටෙන වැටිල්ලට ඔය මොන කෙහෙල්මලක්වත් ගණන් ගන්නෙ නෑ. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව. මේක අපේ සෙට් එකට වෙච්ච වැඩක් නම් නොවෙයි. එක පාරක් ඇමරිකාවෙ සුද්දියෙක් මෙහේ එකෙක්ගෙන් ළමයෙක් හදාගෙන. මනුස්සයත් එක්ක කතා කරල හදාගෙන තියෙන්නෙ. අපේ පාටට උන් මාර කැමැතියි. අපේ රටෙන් ළමයි අරන් හදාගන්නෙත් ඒකයි. උන්ට ඕව ඒ හැටි ගාණක් නෑ.
මේ වැඩවලට සම්බන්ධ වෙන කට්ටිය ලිංගික ශ්‍රමිකයො විදියට වැඩ කරනවද?
අපේ සෙට් එකේ නම් එහෙම කරන උන් නෑ ලෙඩ හැදුනොත් ජොබ් එක නෑ අනිත් එක දරුවෙක් හදාගන්න බලා ඉන්න ගෑනියෙක්ට ලෙඩක් දෙන එක පවක් මේක වැරැද්දක් වත් අපරාධයක්වත් නොවෙයිනෙ.
ඔවුන්ගේ කතාවේ හරි වැරැද්ද තෝරා ගැනීම ඔබ සතුය. සමහර සිදුවීම්වල හරි වැරැද්දක් නැත ඇත්තේ අදාළ සිද්ධිය පමණකි. දරුවා කාගෙද නොව කාගෙ වුණත් දරුවෙකි ජාතකය කුමක් වුවත් මිනිසෙක්ව උපත ලද සියල්ලෝම මනුෂ්‍යයෝය.
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.
0 comments :
Post a Comment