මුළු රෑම මට බාබගෙන් ගැලෙවෙන්න බැරි උනා උදේම මට සල්ලි මිටියක් දුන්නා

ජීවිතේ හීන හැබෑවක් කරගන්න හිතන් විදෙස්ගත වෙන කාන්තාවන්ගෙන් තමන්ගේ හීන ඉටු කරගන්නේ කීයෙන් කී දෙනාද, ඇතැමුන් මුදල් අතින් යම් ඉතුරුවක් කරගත්තත් ලංකාවට එනවිට පවුල් ජීවිත අවුල් වෙලා.
ඒ වගේම යම් හොඳ වෘත්තීය පුහුණුවක් සමගින් යන කාන්තාවන්ට ලැබෙන වරප්‍රසාද බොහොමයක් සමාන්‍ය ගෘහ සේවිකාවන් ලෙස යන කාන්තාවන්ට ලැබෙන් නෑ. පිටින් බලද්දි හරි ලස්සන ලෝක වගේ පෙනුනත් රන් කහවනු හොයන්න යන කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම ගැන එයට අත් දැකීමෙන්ම මුහුණ දීපු කාන්තාවක් කියලා තිබුනේ මේ විදිහට.
” මම සෞදි අරාබියට ආවේ කුරුණෑගල රැකියා ඒජන්සියකින් මම මෙරටට ආවේ රුපියල් ලක්‍ෂයක්‌ විතර වියදම් කරගෙන. මගෙ නම, ගම පත්තරේ පළ කරන්න එපා. මට දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. සැමියා කලින් හමුදාවේ ඉඳලා අවුරුදු දොළහෙන් අයින් වුණා. එයා රස්‌සාවක්‌ හෙව්වත් ඒ එකක්‌වත් එයාට හරි ගියේ නෑ. එයා කොළඹ සෙකයුරිටි රස්‌සාවකටත් ගියා. මග වියදම් ගියාම අපිට ජීවත් වෙන්න ඒ පඩිය මදිවුණා.
එයයි මායි දරුවෝ දෙන්නගේ අනාගතය ගැන හිතලා තමයි මේ තීරණය ගත්තේ. අපි පදිංචිවෙලා හිටියේ කුරුණෑගල ඉඳලා හැතැම්ම පනහක්‌ විතර ඈතට වෙන්න තිබුණු ගෙදරක. මම රට එනවට එයාගේ කැමැත්තක්‌ තිබුණේ නෑ. ඒත් එන්න එන්නම අපේ අමාරුකම් වැඩිවුණා. අන්තිමේදී එයා මම රට එන එකට විරුද්ධ වුණේ නෑ. දැන් මම ඉන්නේ සෞදියේ රියාද්වල.
මගේ වයස දැන් අවුරුදු තිස්‌ දෙකයි. මම උසස්‌ පෙළ සමත් කෙනෙක්‌. ඒත් විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදිවුණා. ගෘහ සේවිකාවක්‌ ලෙස මම මෙහෙ වැඩ කරන්න ආවේ හිතකින් නෙවෙයි. ඒත් මොනවා කරන්නද? මේ ගෙදර අයිති බාබට වෙළෙඳසලක්‌ තියෙනවා. මම ආවේ ගෙදර වැඩ කරන්න. ඒත් මට මාසයක්‌වත් ගෙදර වැඩ කරන්න ඒ මහත්තයා ඉඩ දුන්නේ නෑ.
මට ඉංග්‍රීසි ටිකක්‌ පුළුවන්. දැන් අරාබි භාෂාව මට හොඳට පුළුවන්. මේ ගෙදර බාබ මාව එයාගේ සාප්පුවේ වැඩට අරන් ගියා. මේ මහත්තයා කාරුණිකව මට කථා කළා. මම හොඳට වැඩ ටිකත් කරගෙන හිටියා. බාබගේ වාහනේම තමයි අපි සාප්පුවට ගියේ ආවේ. එදා රෑ සාප්පුව වහළ අපි ගෙදරට අවා. බාබගේ නෝනා දරුවා ගෙදර හිටියේ නෑ. මම තමයි රෑ කෑම හැදුවේ. කුස්‌සිය අස්‌පස්‌ කරලා මම මේසෙට කෑම ඇරලා නා ගත්තේ තිබුණු තෙහෙට්‌ටුව නිවා ගන්න. බාබට කෑම ගන්න කිවේ ඊට පස්‌සේ.
බාබ කෑම කාලා මටත් කන්න කියලා උඩ තට්‌ටුවට ගියා. මම කෑම කාලා නිදාගන්න හැදුවා විතරයි කාමරයට තට්‌ටු කරනවා මට ඇහුණා. මේ මහ රෑ මම ඈත දුරු රටක නාඳුනන මිනිහෙකුත් සමඟ එක ගෙදරක. මට දරු දෙන්න මතක්‌ වුණා. ආදරණීය සැමියා මතක්‌ වුණා. මම හිතට ධෛර්ය අරගෙන ගිහින් දොර ඇරියා. දොර ළඟ හිටියේ බාබ. ඇයි බාබ මම දන්නා අරාබියෙන් බාබගෙන් ඇහුවා.
පොඩ්ඩක්‌ මගෙ කාමරේ අස්‌කරගන්න ඕනේ. ඒක හැඩිවෙලා. බාබ කියපු දේ මට හරියට නොතේරුණාට ඒ දේ තමයි කිව්වේ කියලා මට තේරුණා. මම බාබගේ කාමරයට ගියේ ගැහි ගැහී. මේ රටට ඇවිත් ගෙවෙන පස්‌වන සතිය. මේ වෙනතුරු මගෙ දිහා ඇහැ ඇරලා නොබලපු බාබා මට වරදක්‌ කරන එකක්‌ නෑ කියලත් මට හිතුණා. මොනවා කරන්නද? කාත් කවුරුත් නැති රටක ඇවිත් මේ මහ රෑ කාට කියන්නද?
මම කාමරයට ගියා. පොත් පත් ටික තැන තැන. මම ඒවා එකතු කළා. ඇඳේ රෙද්ද සැකසුවා. මම කාමරය අස්‌කරනකන් බාබා උඩ තට්‌ටුවේ බැල්කනියට වෙලා හිටියේ. ‘බාබා වැඩේ ඉවරයි මම කීවේ සතුටකින්.‘ මම කාමරයෙන් එළියට ආවා. බාබ ඇත්තටම හොඳ මිනිහෙක්‌ තමයි කියලා ඒ වනවිට මට හිතුන විතරයි.
‘මෙහාට එන්න‘ බාබ ආයෙත් කථා කළා. මම කාමරයට ගිය ගමන් බාබ මගේ අතින් ඇල්ලුවා. වතුරෙන් ගොඩට දාපු මාළුවෙක්‌ වගේ මාව ගැහෙන්න ගත්තා. වයස අවුරුදු හතළිහක්‌ පමණ වූ ඒ මිනිහගේ දඬු අඬු වගේ හයිය අත් දෙකට මාව පොඩිවුණා. මම ඇඬුවා. බාබ මගෙ අතට සල්ලි මිටි දෙකක්‌ දුන්නා.
එදා රාත්‍රිය මගෙ පතිවත බින්දා. මගෙ සැමියා, දරු දෙන්න පල්ල මම උගෙන් බේරෙන්නමයි බැලුවේ. ඒත් ඒකා යක්‍ෂය වගේ වෙනස්‌ වෙලා හිටියා. මට කිව්වා උඹ ඉල්ලන ගානක්‌ දෙන්නම් කියලා. මට මං ගැනම දුක හිතුණා. සල්ලි හොයාගෙන සෞදියට මම ආවේ ඔක්‌කොම අත්හැරලා බව ඇත්ත. ඒත් මම හිතුවේ නෑ මගෙ සිරුර මුන්ට දෙන්න වෙයි කියලා.
එදා රෑ සල්ලි වලට වඩා ආත්මය වටිනවා කියලා මට හිතුණා. දරු දෙන්නත් එක්‌ක සම්බෝලයි බතුයි කාලා ගෙදරට වෙලා උන්න නම් මීට වඩා සැපයි නේද කියලා මට හිතුණා. ඒත් එදා රෑ මට වෙන්න ඕනෑ දේ වුණා.
ඒ බාබුයි කියන මිනිහත්, අපේ රටේ ඉන්න සල්ලාලයින් අතරත් වෙනසක්‌ නෑ කියලා මට දැනුණා. මුළු රෑම මම හිටියේ බාබුගේ කාමරේ ඇතුළේ. උදේ වෙනකොට මට අඬන්න කඳුළු තිබුණේ නෑ. රට එන කොයි ගෑණියටත් මේ විදිහට විනාශ වෙන්න වෙනවද කියලා මට හිතුණා. කුරුණෑගල ඉන්න සැමියා මේ බව දන්නවානම් එල්ලිලා මැරෙයි. මම බාබ දුන්න සල්ලිවලින් කොටසක්‌ ලංකාවට එව්වා.
එදායින් පස්‌සෙ බාබ මට සැලකුවේ ගොඩක්‌ ආදරෙන්. මට අරාබි භාෂාව ඉගැන්වුවා. ඒ ගෙදරට අමතරව බාබට තවත් ගෙවල් දෙකක්‌ තියෙනවා. බාබා සතියකට දවස්‌ තුනක්‌ මේ ගෙදර නවතිනවා. අනෙක්‌ දවස්‌වල මම තට්‌ට තනියම ඒ දෙමහල් නිවසේ ඉන්නේ. ගෘහ සේවිකාවක්‌ විදිහට මම සෞදි ආවම දැන් මම මේ රටේ ගෑණියක්‌ වෙලා හමාරයි. මට දුක මගෙ දරු දෙන්න ගැන. සැමියා ගැන. මට ආයෙත් ඒ අය ළඟට එන්න බෑ. මට දැන් දරුවෙක්‌ ලැබෙන්න ළඟයි.
කුරුණෑගල සැමියා දරුවෝ මට දුරකථනයෙන් කථා කරනවා. ඒ අයට මට වෙච්ච දේ කියන්න මම දන්නේ නෑ. මාසෙකට වතාවක්‌ මම රුපියල් විසිපන්දහසක්‌ ගෙදරට එවනවා. දරුවන්ට තෑගි බෝග යවන්නත් මම අමතක කරන්නේ නෑ.
දවසක් මගේ පුතා මට කථා කළා. සැමියා පුංචි අම්මා කෙනෙක්‌ නිවසට කැන්දන් ආවා කියලා පුතා කිව්වා. මම මේ ලියුම ලියන්නෙත් හඬමින්. “දෙවියනේ අපිට මේ මොකද වුණේ.” මම සෞදියෙදි විනාශ වුණා. මගෙ සැමියා ලංකාවේ ඉඳගෙනත් ගෑණියෙක්‌ එක්‌ක පැටලිලා. රත්තරන් දරු පැටව් දෙන්නට කාගෙ සරණද?
දරුවෙක් එක්‌ක මේ රටේ මම අතරමං වෙයිද කියලා බයත් හිතෙනවා. කමක්‌ නෑ මම ඕනෑම දේකට ලෑස්‌තියි. මම දැන් ලංකාවෙන් ආව ඒ අහිසංක ගෑණි නෙවෙයි. මේ මිනිහා මාව අතහැරියොත් කරන්න ඕනේ දේ මම දන්නවා.
පස්සේ මම සැමියට ලියුමක්‌ යෑව්වා. “අනේ ලංකාවේ ඉන්න මගෙ දරු පැටව් දෙන්න අපේ අම්මට බාර දෙන්න. ඔයාට ඕනේ විදිහට ඔය අලුත් මනමාලිත් එක්‌ක දීග කන්න. මම රට ආවේ ඔයා නිසයි. ඔයා දිගටම හමුදාවෙ හිටිය නම් මට රට එන්න වෙන්නේ නෑ. මම රට නාවනම් ඔය අපේ දරුවෝ අතරමං වෙන්නෙ නෑ. මම මේ ජරා මිනිහෙකුගේ හොර ගෑනි වෙන්නෙත් නෑ.”
මම මේ ලියුම පත්තරේට එවන්නේ රට එන තව කවුරු හරි නංගි කෙනෙක්‌ මේ රටවල තත්ත්වය තේරුම් ගනියි කියලයි. රට එන කෙල්ලන්ගෙන් කී දෙනෙක්‌ නිරුපද්‍රිතව ආපහු ලංකාවට එනවද දන්නේ නෑ. ඒත් මම මගේ අත්දැකීමෙන් කියන්නේ රට එන එකෙන් අපේ ලස්‌සන පවුල් ජීවිත වැනසෙනවා. දරුවෝ අතරමං වෙනවා. ඒ නිසා හොඳට හිතලා මතලා රට එනව නම් රට එන්න.
මේ රටවල බැලමෙහෙවරට එනවට වඩා ලංකාවේ ගාමන්ට්‌ එකකට ගියා නම් නම්බුයි කියලා දැන් හිතෙනවා. ඇත්තටම ගෑනුන්ව රට යවන්නේ නැතුව ලංකාවෙම රස්‌සා සකසන්න රජයට බැරිද? මේ රටට ආවත් හිතන තරම් සල්ලි හොයන්න බෑ. ඔය රැකියා ඒජන්සිකාරයෝ කියන සුරංගනා ලෝකෙ මෙහෙ නෑ. දැන් මට මොනවා වුණත් කමක්‌ නෑ. ඒත් මගෙ දරු පැටව් දෙන්නට යන කල මොකක්‌ද? අනේ ගෑනු අපිත් මෙහෙම විනාශ වෙනවා නම් බැලමෙහෙවරට කාවවත් රට එවන්න එපා.”

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment