සවස 6න් පසු ගණිකාවන්ගෙන් පිරී ඉතිරී යන කොළඹ වැඩිම ගණිකාවන් සිටින නගරය

පාසල් වියේ දරුවන් පවා මත්ද්රව්ය අලෙවියට
හවස හයෙන් පසු කොළඹ කුඩු අපරාධ ගණිකා රජදහනක්‌

මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් තුන්දහසක්‌ පමණ පුනරුත්ථාපනය කිරීමේදී හෙළිවූ තොරතුරු අනුව ගම්බද පළාත් වලින් රැකියා සඳහා අගනුවරට පැමිණි තරුණියන් විශාල පිරිසක්‌ මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා
ගණිකා වුර්ත්තියේ යොදවා ඇතැයි හෙළි වූ බව අන්තරායකර අව්ෂධ පාලක මණ්‌ඩලයේ පුනරුත්ථාපන අධ්යක්‍ෂක විශ්රාමික ජේෂ්ඨ නියෝජ්ය පොලිස්‌පති සිරිසේන හේරත් මහතා සදහන් කරනවා
මෙසේ පුනරුත්ථාපනය ලබන අය අතර රාජ්ය මෙන්ම පවුද්ගලික ආයතනවල සේවකයන් සිටින බවද ඇතැමුන් උසස්‌ තනතුරු දරන අය බවද හෙතෙම පවසනවා
මේ අනුව සවස හයෙන් පසු අගනුවර ගණිකාවන් කුඩුලෝලීන් සහ අපරාධකරුවන් වැඩිපුර ගැවසෙන බවට තොරතුරු හෙළිවූ බවත් ඔහු සදහන් කරයි

පාසල් වියේ දරුවන් පවා මත්ද්රව්ය අලෙවියට සම්බන්ධවී සිටින අතර රුපියල් 600 ක මත්කුඩු පැකට්‌ එක රුපියල් 800 ක්‌ වැනි මුදලකට විකුණා විශාල ලෙස ලාභ ලැබීමට
මෙම ගැටවරයින් පුරුදුවී සිටින අතර ඔවුන්ද මත්ද්රව්ය භාවිතයට පෙළඹී සිටින බව හෙළිවී ඇතැයිද සිරිසේන හේරත් මහතා වැඩිදුරටත් පවසනවා
මරදාන දුම්රියපල අසල මෝදර කෙසෙල්වත්ත වැල්ලම්පිටිය බොරැල්ල ගල්කිස්‌ස බම්බලපිටිය යන පළාත් වල මත්ද්රව්ය ජාවාරම් මෙන්ම ගණිකාවන් ගැවසෙන බවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව හෙළිවූ බවත් සදහන්.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment