රත්නපුර පාසල් සිසුන් රැසක් ජාවාරමට අහුවෙලා – එක රැයට 5000 යි

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ළමයින් බොහෝ පිරිසක්‌ මත්ද්‍රව්‍ය හා ලිංගික ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවී ඇති බවට රහසිගත සත්‍ය තොරතුරුවලින් සනාථ වී තිඛෙන බව රත්නපුර මහ රෝහලේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ ස්‌ථාන භාර නිලධාරී වෛද්‍ය කාංචන උපසේන මහතා පෙන්වා දෙයි.

වෛද්‍ය කාංචන උපසේන මහතා මේ බව සඳහන් කළේ ඕලුගල ප්‍රදේශයේ පැවැති ඒඩ්ස්‌ රෝගය මර්දනය කිරීමේ අරමුණින් තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය කාංචන උපසේන මහතා,
රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ එක්‌තරා පාසලක සිසුන් බොහෝ පිරිසක්‌ මේ වන විටත් එම ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුව තිබීම අවාසනාවන්ත තත්ත්වයක්‌. මව්පියන් තම දරුවන් ගැන දැඩි විමසිලිමත්ව සිටිය යුතු බවත් එසේ නොවුණහොත් එම ජාවාරම්කරුවන්ගේ ඊළඟ ගොදුර බවට පත්විය හැක්‌කේ ඔබේ දරුවා හෝ ඔබගේ අසල්වැසි දරුවා විය හැකියි.
තමන්ගේ ග්‍රහණයට ගන්නා ළමයිනට ජාවාරම්කරුවන් එක්‌ රැයක්‌ වෙනුවෙන් රුපියල් 5000 ක පමණ මුදලක්‌ ගෙවා තිඛෙන බවට තොරතුරු ලැබී තිඛෙනවා. මීට අමතරව ඔවුන්ට වටිනා ජංගම දුරකථන ආදියද ලබාදී තිඛෙනවා. මේ අපට වාර්තා වුණු සිද්ධි පමණයි.
එම ජාවාරම්කරුවන් තම ගණයට නතුකර ගන්නා ළමයින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ නොයෙකුත් හෝටල් කරා රැගෙන යන බවද ඉන්පසු ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබාදී ඔවුන්ව නොයෙකුත් ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා බවද වාර්තා වෙනවා.
මේ වන විට රත්නපුරේ ඒඩ්ස්‌ ඇතුළු නොයෙකුත් සමාජ රෝග ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක්‌ ඇති බැවින් එම ලිංගික ක්‍රියාවන්ට යොදා ගන්නා ළමයින්ටද මෙම සමාජ රෝග බෝවීමේ අවදානමක්‌ මතුව තිඛෙනවා.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment