අවුරුදු 13න් බැඳලා ළමයි 3න් දෙනා ජීවත් කරන්න සල්ලි ඕන නිසා කුවේට් වල 1000ක් දෙනාට කම්සැප දුන් කුසුමාට අත්වුනු ඉරණම

කොළඹින් ඉතා දුර බැහැර දුෂ්කර පළාතක උපත ලද කුසුම්, මල්ලිලා දෙදෙනකු සිටින පවුලක අක්කා විය.
ඔවුන් කොතරම් දිළිඳුදැයිි කිවහොත් වාසය කළේ හේනක් මැද වූ කුඩා පැලකය. එම පැල කටු මැටියෙන් සාදන ලද්දකි.
කුසුම්ට අධ්‍යාපනය ලැබිමේ වාසනාව තිබුණේ දෙවන ශේණියට පමණි.
දොළොස් හැවිරිදි වියේ දී ඇය වැඩි වියට පත් වූ පසු එවැනි පැලක වාසය කිරීම ඇගේ ආරක්ෂාවට ප්‍රමාණවත් නැති බව වටහා ගත් කුසුම්ගේ පියා ඇය වෙනත් පළාතක ඔහු දන්නා හඳුනන නිවෙසක නතර කළේය.
එම නිවස ප්‍රමාණයෙන් විශාල වූ අතර එකම පවු‍ලේ දූ දරුවෝ විවාහ වී එහි පවුල් කිහිපයක් ලෙස පදිංචිව සිටියහ.

කුසුම් එම නිවසේ නතර වී ඔවුන්ගේ වැඩ පලට උදව් දුන්නාය.මේ නිවසේ අවුරුදු තිහක පමණ පුද්ගලයකු සිටියේය.
නිවසේ කාන්තාව කීවේ ඔහු තමාගේ සහෝදරයෙකු බවය. දිනක් කුසුම්ගේ දෙමාපියන් කැඳවූ නිවසේ කාන්තාව ඔවුන් සමග රහස් සාකච්ඡාවක යෙදී සිටියාය.

එම සාකච්ඡාව අවසානයේ කුසුම්ව කැඳ වූ ඇගේ දෙමාපියන් කීවේ කුසුම්ගේ යහපත තකා ඇය විවාහ කර දෙන්නට යන බවයි.
වයස අවුරුදු දහතුනේ දී කුසුම් තිස් හැවිරිදි පුද්ගලයකු සමග යුග දිවියට ඇතුළත් වූයේ එලෙසිනි.

ඇය එකල කොතරම් කුඩා යුවතියකද කිවහොත් මංගල ඇඳුමේ හැට්ටයට සරිලන තරමට පපු ප්‍රදේශයවත් වැඩී තිබුණේ නැත. බ්‍රෙසියරය තුළට රෙදි කැබලි ඔබා ඒ අඩුව සම්පූර්ණ කෙරිනි.
මේ විවාහය සිදුකර තිබුණේ කුසුම්ගේ දෙමාපියන් නොමග යවාය.
වයසින් වැඩි වුවත් ඔහුට ඉඩකඩම් ආදිය ඇති බව හුවා දක්වමින් කුසුම්ව විවාහ කර දී තිබූ අතර ඔහු කිසිදු වත් ‍පොහොසත්කමක් නැති කුලීකාරයකු බව කුසුම් හරියටම දැනගන්නා විටත් ඇය ගැබිනියක වී හමාරය.

මේ දීගය කුසුම්ගේ ජීවිතයට මොන අතකින් වත් සතුටක් සැනසුමක් හෝ යහපතක් ගෙනාවේ නැත.
ඔහුගෙන් ඇය ලද ලොකුම සම්පත වූයේ අරක්කු ටිකක් තොල ගෑ පසු ලබන ගුටි සංග්‍රහයන්ය.

අන්තිමේ දරුවාගේ වයස මාස තුනේදී කුසුම් දරුවා ද රැගෙන සැමියා අතහැර මව්පියන් වෙත ගොස් පදිංචි වූවාය.
නමුත් කුසුම්ගේ මව්පියන් ජීවත් වූයේද ඉතාමත් අසීරුවෙනි.
දරුවා කුඩා වැඩි නිසා කුසුම්ටද කුලී වැඩකටවත් යාමට හැකියාවක් තිබුණේ නැත.

මේ අතර ඒ ප්‍රදේශයේ සුළු වෙළදාමකින් ජීවත්වන තැනැත්තෙකු කුසුම්ව දැක ඇය විවාහ කර ගන්නට කැමැත්ත පළ කළේය.
දරුවා හදා වඩා ගන්නට මගක් නොමැතිකම නිසාම කුසුම් ඔහු හා යාමට එකඟ වූවාය.

ඒ වන විට දරුවාගේ වයස අවුරුද්දකට වැඩිය. කෙසේ වුවද දෙවන සැමියාගේ දෙමාපියන් තම පුතු දරුවෙකුත් සමග බිරිඳක් නිවසට එක්කර ගෙන ඒම ගැන බලවත් සේ විරුද්ධ වූයෙන් කුසුම්ට සිදු වූයේ අකමැත්තෙන් වුවත් දරුවා පළමු සැමියාටම භාර කරන්නටය.


මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment