ලොව දැනට ඇති උපත්පාලන ක්‍රම රැසක් අතුරින් වැඩිපිරිසක් අතර වඩාත් ජනප්‍රියම ආරක්ෂිත ක්‍රමය තමයි, ගිලින පෙති භාවිතය. මුලින්ම කාන්තාවන් හට ආරක්ෂිත උපත්පාලන පෙති හඳුන්වාදුන්නත් එහි අතුරු ආබාධ වැඩි බව
සොයාගැනීමත් සමඟම නැවත වැඩිදියුණු කර අතුරු ආබාධ අවම කළ ගිලින පෙති මේ වනවිට හඳුන්වලා දී තිබෙනවා. දැන් මේ ආකාරයටම පුරුෂයින් වෙනුවෙනුත් වැඩිදියුණු කළ ආරක්ෂිත උපත්පාලන පෙත්තක් අලුතින් හඳුන්වා දී තියෙනවලු. ලොව මුල්ම පුරුෂ උපත් පාලන පෙත්ත හඳුන්වා දී තිබුණේ 2010 දි පමණ, ඒ ඊශ්‍රායෙල් පරීක්ෂකයින් පිරිසක් විසිනි. එයට අමතරව අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන ජෙල් වර්ග හා එන්නත් ක්‍රමද ප්‍රචලිත වුණා. ඒවා භාවිතයෙන්ද නමුත් මෑතක් වනතුරුම එහි විව්ධාකාර අනපේක්ෂිත අතුරු ආබාධ වැඩි බවට පිළිගැනුණු නිසා පුරුෂයින් අතර එය එතරම් ජනප්‍රිය වුණේ නැහැ. විශාදය, ඇක්නි හට ගැනීම හා ශිෂ්ණය ක්‍රියාකාරිත්වය පහළ වැටීම වැනි අතුරු ආබාධ මතුවීමක් සිදු විම නිසා ඒ කිසිවක් එතරම්ම සාර්ථක වීමක් වූයේ නැහැ.
‘පුරුෂ උපත් පාලන පෙති’ ගැන කලින් අහලා නැති අයට නම් යම් කුතුහලයක් දැනේවී, එහි ක්‍රියාකාරිත්වය මොනවගේද? කියලා. ඇත්තටම එයින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් ඇතුලු ප්‍රජනනයට බලපාන අනෙකුත් හෝමෝන මට්ටම පහත හෙළීම හා ශුක්‍රාණුවලින් කාන්තාවක් ගැබ් ගැනීමට බලපාන ප්‍රෝටීන් වල සරුබව නැතිකිරීමකි. එවිට එය කාන්තාවගේ ගර්භාෂයට යාමට පෙර නිසරු වීමක් වීමෙන් ගැබ් ගැනීම් වැළකෙනවා. ලොව පුරා සිදුවන ගැබ් ගැනීම් වලින් 40%ක්ම අනවශ්‍ය ගැබ් ගැනීම කියලයි වාර්තා වන්නේ. ඉතින් සතුටුදායක ආරංචිය තමයි, මේ අවුරුද්දේ මුල ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් පුරුෂ උපත්පාලන පෙත්ත වැඩිදියුණු කිරීමක් කර එහි අතුරු ආබාධයන බොහෝදුරට අවම කිරීමක් කර තිබීම.
එම පර්යේෂණයට පිරිමින් 80ක් දෙනා හට මිලිග්රෑම් 100, 200 හා 400 යන මාත්‍රා වලින් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පාලනය කරන පෙති ලබාදී තිබෙන අතර ගැබ් ගැනීමට ඉවහල් වන හෝර්මොන මර්දනය වීමක් එයින් සිදුවී තිබෙනවා. ඒ නිසා එම පෙත්ත අනවශ්‍ය ගැබ් ගැනීම වැළැක්වීමට නම් 100%ක්ම ආරක්ෂිත බව ඔවුන් තහවුරු කරනවා. නමුත් මිලිග්‍රෑම් 400 පෙත්ත දවස් 28 ට පාවිච්චි කළ පුරුෂයින්ගේ ඇතැම් අයගේ නම් ,සිරුර මහත් වීමක් හා සිරුරෙහි හිතකර කොලෙස්ටරෝල් මට්ටම් (HDL) අඩුවීමක් දක්නට ලැබුණාලු. නමුත් එය හැමෝටම නම් බලපාලා නැහැලු. කොහොම වුනත් ඔවුන් අවසානයේදී නව අත්හදාබැලීම් වලින් පසු කලින් තිබූ අතුරු ආබාධ අවම කෙරුණු අලුත් ගිලින පෙත්තක් පුරුෂයින් වෙනුවෙන් හඳුන්වා දුන්නා. එය “Dimethandrolone Undecanoate (DMAU)” නමින් හැඳුන්වනවා. එම පුරුෂයින් ද සියල්ලන්ම වගේ මේ අලුත් ගිලින පෙත්තට කැමැත්ත පල කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
0 comments :
Post a Comment