ඔබ ආදර සම්බන්ධයක සිටියද විවහ ජිවිතයකට එළඹ සිටියද ඇතැම් අවස්ථාවන්හිදි පෙම්වතියගේ නැතිනම් බිරිඳගේ හැසිරීම් හා ගතිලක්ෂණ වෙනස්වීම් දැනීම සිදුවනවිට ඔබ යම් ආකාරයකට ව්‍යාකූලත්වයට පත්විය හැකියි.
සමහරවිට එහිදි ඔබට ඇතිවිය හැකි සැකය පදනම් විරහිත එකක් ද විය හැකියි. නමුත් මෙවැනි ගැටලුවකදී සැකය සධාරණ විය හැකි අවස්ථාද තිබිය හැකියි. ඔබේ පෙම්වතිය තුළ දක්නට ලැබෙන පහත ගතිලක්ෂණ හා වෙනස්කම් ගැන විමසිලිමත්විමෙන් ඇය විසින් ඔබව රවටනවාද? නැතිනම් රහසින් අනියම් සම්බන්ධයක සිටිනවාද?යන්න ගැන හරිහැටි දැනගැනීමට යම් රුකුලක් ලැබෙනු ඇත.
1. සමහර දෙවල් ඔබෙන සඟවාගනිමින් රහසිගතව තබාගැනිමට උත්සාහ කිරීම.
පෙම්වතුන් හෝ අඹුසැමියන් ලෙසට කටයුතු කිරීමේදී ඔවුනොවුන් අතර රහස් සඟවමින් තබාගැනීමක් නොකකර අදහස් නිතර බෙදා ගනිති. නමුත් ඔබ නොදැනුවත්වම පෙම්වතිය යම් යම් දෙවල් ඔබෙන් සඟවා සිටින්නට වෑයම් කරයි නම් හෝ ඇයට වෙනම පුද්ගලිකත්වයක් ඇති පරිදි කටයුතු කරයි නම්, ඇය බොහෝවිට ඔබට වංචාවන් සිදුකිරිමේ ඉඩකඩ වැඩියි.
2. හැඟීම් ප්‍රකාශ කිරිමේ විවෘතභාවය නැතිවීම.
සාමාන්‍යයෙන්න් කාන්තාවක් හැඟීම් බෙදාගැනිමට කැමතිම පුද්ගලයා පෙම්වතා හෝ ස්වාමියයි. නමුත් ඔබ ඉදිරියේ එසේ හැඟීම් ගැන විවෘතව කතබහ කිරිමේදි ඇය අපහසුතාවයකට ලක්වේ නම් හෝ ඇයගේ පෙර ඒ සම්බන්ධයෙන් වූ විවෘතභාවය හදිසියේම වෙනස්වී යාම.
3. ජංගම දුරකතනය නිතර සැඟවිමට උත්සාහ දැරීම.
ඇය මෙවැන්නක් සිදුකාන්නේ බොහෝවිට රහසින් වෙනත් පුරුෂයකු ඇසුරු කරන නිසා විය හැක.
4. සමහර දේවල් ඔබට නොපැවසිය යුතු ලෙස සළකා සැහැල්ලුවට ගැනිම.
ඇය මින් පෙරදී ඇඳුම් මිලට ගැනිමකදි නැතිනම් ආහාර පිසීමකදි වුවත් ඔබේ කැමැත්ත ගැනද විමසා බැලීමට පුරුදුවි සිටියා විය හැකියි. නමුත් හදිසියේම එම ගති ලක්ෂණය වෙනස් වීයාම .
5. ලිංගික සම්බන්ධතාවලදී හැඟීම් රහිත බවක් පෙන්වීම.
ඇය සමඟ ඔබ පවත්වන කායික සම්බන්ධතාවය ගැන පෙර තිබු උනන්දුව අඩුවීම හා සෑහීමකට ලක් නොවූ ආකාරයේ හැඟීමකින් යුතු බවක් පිළිඹිබු විම.
6. සිරුරේ බර පාලනය කිරීමට හදිසියේ ඇති වූ උනන්දුව.
සමහර යුවතියන් විවාහයෙන් පසු වුවද තම සිරුර ගැන සැලකිලිමත්වි ආහාර පාලනය හා ව්‍යායාම්හි දිගටම නියැලේ. නමුත් ඔබේ බිරිඳ තුළ එම උනන්දුව හදිසියෙහිම ඇතිවුණි නම් ඒ පිළිබඳව වැඩිදුර ඔබ සැළකිලිමත්ව සිටීම නුවණට හුරුය.
7. ඔබේ අපරික්ෂාකාරි බව ගැන නිරන්තරයෙන් චෝදනා කිරීම.
මනෝවිද්‍යාඥයින් පවසන පරිදි ඔබ අපරීක්ෂාකාරි හෝ නොසැලකිලිමත් නොවූ බවට 100% ක්ම විශ්වාස නම් හා ඇය නිරන්තරයෙන් එවැනි චෝදනා එල්ල කරමින් දබරයට පැමිණීමට තැත්කරයි නම්, එය ඇගේ රහස් සබඳතාවයක් ඇති බවට හෝඩුවාවක් විය හැක.
8. ස්ත්‍රී පුරුෂයින් හමුවීම සඳහා ඇති ඇප් ඇගේ දුරකතනයෙහි බාගතකර තිබීම.
ප්‍රේම සම්බන්ධතවයක සිටියදි මෙන්ම විවාහවි සිටියදීත් ඇය එවැනි ඇප් පරිහරණය කරන්නේ, වෙනත් පුරුෂයෙකුගේ ඇසුරක් සොයන නිසා විය හැකියි.
0 comments :
Post a Comment