කුවේටයට පය තිබ්බ ලාංකිකයා හැරෙන තැපෑලෙන් පොලිස් භාරයට…


කුවේටයට පය තිබ්බ ලාංකිකයා හැරෙන තැපෑලෙන් පොලිස් භාරයට…
නීති විරෝධී අන්දමින් කුවේට් රාජ්‍යයට ඇතුළුවී සිටි ලාංකිකයෙකු අත්අඩංගුවට ගැනීමට කුවේට් පොලිසිය සමත්වී තිබෙන බව වාර්තා වේ.

තානාපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව අදාළ ලාංකිකයා ගේ ලියකියවිලි පරීක්ෂා කරන අවස්ථාවේ ඔහු එරට නීති විරෝධී අන්දමින් රැඳී සිටින බවට තහවුරුකර ගැනීමට පොලීසියට හැකිවී තිබෙන අතර එම නිසා ඒ අවස්ථාවේදීම ලාංකිකයා පොලිස් භාරයට පත්වී ඇත. 
නීති විරෝධීව රැඳී සිටින විදේශිකයිට කුවේටයෙන් පිටවීමට ලබා දුන් පොදු සමා කාලය මේවනවිට ඉකුත්වී තිබෙන බැවින් එරට ආරක්ෂක අංශය තවදුරටත් නීති විරෝධීව එරට රැඳී සිටින ශ්‍රමිකයින් සෙවීමේ කටයුතු, මෙහෙයුම් ආරම්භ කර ඇත.
අනපේක්ෂිතව, අහබු ලෙස මෙම සෝදිසි කිරීම් සිදුකරන අතර යම් සැකසහිත අයෙක් වේ නම් ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම්ද සිදු කරයි.
අත්අඩංගුවට පත්වූ පුද්ගලයා මොහු මීට පෙර කුවේට් හි රැදී සිටි අයෙකු වන අතර ඔහු මීට වසරකට පෙර එරටින් පිටත්ව ගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ වාර්තා වල සඳහන් වෙන්නේ.
කෙසේ වෙතත් නීති විරෝධීව කුවේටයට ඇතුළු වීමේ චෝදනා මත එම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට පත්වී තිබේ.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment