දහසය වතාවක්‌ ළමා නිවාසයේදී දූෂණයට ලක්‌වූ දැරිය - ළමා නිවාසයෙන් පැන යද්දී නැවතත් අතවරයට….


දහසය වතාවක්‌ ළමා නිවාසයේදී දූෂණයට ලක්‌වූ දැරිය ළමා නිවාසයෙන් පැන යද්දී නැවතත් අතවරයට ලක් වෙලා….
“තරුණයෙකු නිවසට කැඳවා ගෙන ගොස්‌ දින කිහිපයක්‌ තිස්‌සේ දුෂණය කරලා..”

“දැරියගේ සිද්ධියට නඩු 15ක් විභාග වෙනවා..”
දහසය වතාවක්‌ දූෂණයට ලක්‌වීම නිසා ළමා නිවාසයක රඳවා සිටියදී ළමා නිවාසයෙන් පැන ගොස්‌ දාහත්වැනි වතාවටත් දූෂණයට ලක්‌වූ බාල වයස්‌කාර දැරියක්‌ අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ ඇය රඳවා තැබීමට සුදුසු නිවාසයක්‌ සොයන ලෙස පරිවාස නිලධාරීන්ට උපදෙස්‌ දුන් ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් අසංගා හෙට්‌ටිවත්ත මෙනවිය එතෙක්‌ දැරිය ගාල්ල ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.
මෙම දැරිය පළමු වරට 2016 වසරේ දූෂණයට ලක්‌ව ඇති බවත් දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට මොරවක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු දහයක්‌ද, මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පහක්‌ද, උඩුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ද විභාග වෙමින් පවතින බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියා.
මේ නිසා අධිකරණ නියෝග මත ඇය ගාල්ලේ ළමා නිවාසයක රඳවා සිටියදී ඉකුත් පෙබරවාරි 28 වැනි දින එම ළමා නිවාසයෙන් පැන ගොස්‌ සිටියදී කොළඹ මෝදර ප්‍රදේශයේ තරුණයෙකු ඔහුගේ නිවසට කැඳවා ගෙන ගොස්‌ දින කිහිපයක්‌ තිස්‌සේ එම නිවසේ තබාගෙන දූෂණය කර ඇති බවත් එසේ සිටියදී තවත් කාන්තාවක්‌ විසින් ඇයට ඒ අසල සපත්තු කම්හලක රැකියාවක්‌ සොයා දී ඇති බවත් පොලිසියට අනාවරණය වී තිබෙනවා.පසුව ඇය මවට දුරකථන ඇමතුමක්‌දී තමා සපත්තු කම්හලේ සිටින බව පවසා ඇති බවත්. ඒ අනුව මව එහි ගොස්‌ දැරිය කැඳවාගෙන පැමිණ ගාල්ල පොලිසියට භාරදුන් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටිනවා.
අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය කරුණු සලකා බලා දැරිය රඳවා තැබීමට සුදුසු නිවාසයක්‌ යෝජනා කරන ලෙස පරිවාස නිලධාරීන්ට උපදෙස්‌ දී එතෙක්‌ ගාල්ලේ රැඳවුම් නිවාසයේ රඳවා තැබීමට නියෝග කොට වැඩිදුර කරුණු දැක්‌වීම ජුලි 25 වැනි දිනට කල් තැබූවා.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment