පෙම්වතාගෙන් අතවරයට පත් දැරිය රෝහලේදී මාමා කරපු අහස පොළොව නුහුලන අපරාධය හෙළිකල හැටි….
දැරියගේ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු හෙළිවු දේ….
පාඩම් කරන්න නැන්දනියගේ ගෙදර ගිය දැරිය සමග මාමා අඹු – සැමි සම්බන්ධතා පවත්වලා….
වයස අවුරුදු 15 ක පාසල් දැරියක් මීට වසර තුනකට පෙර දුෂණය කර ඇය සමග අඹු – සැමි සම්බන්ධතා පැවැත්වූ බව කියන 58 හැවිරිදි අයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අතවරයට පත්ව ඇති දැරිවියගේ පියාගේ සහෝදරියක හා විවාහ වී සිටින අයෙක් බවත් සැකකරු නවගත්තේගම – බුද්ධි ජයසිරිගම පදිංචිකරුවෙකු බව පොලීසිය පවසනවා.
අතවරයට පත්ව ඇති දැරිවිය මෑතකදී වයස අවුරුදු 23 ක් වන තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම තරුණයා විසින් තම දියණියව දුෂණය කර ඇති බව ඇයගේ මව්පියන් විසින් නවගත්තේගම පොලීසියට පැමිණිළි කර තිබෙනවා.
ඒ අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇති පොලීසිය එම තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අතවරයට පත්ව ඇති දැරිවියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර එම අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ දැරිය ඊට පෙර අතවරයට පත්ව ඇති අයෙකු බවයි .
ඒ අනුව ඇයගෙන් තොරතුරු විමසීමේදී කලින් තමන්ට සිදුවී ඇති අතවරය සම්බන්ධයෙන් තොරතුරු හෙලි කර ඇත.
පාඩම් කටයුතු සදහා 2013 වර්ෂයේ තම නැන්දණියගේ නිවසට ගිය අවස්ථාවේ මාමා ප්‍රථම වතාවට තමන්ට අතවර කළ බවත්,පසුව අවස්ථා කීපයකදීම ඔහු තමන් සමග අඹු – සැමි සම්බන්ධතා පැවැත්වූ බවත් දැරිවිය පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇති පොලීසිය දැරියගේ මාමාවද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
සැකකරු ආණමඩුව මහේස්ත්රාිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරනවා.
0 comments :
Post a Comment