කොට්‌ටාවේ රූපලාවන්‍ය ශිල්පිනිය ඝාතනය කළ - පාතාල නායක ලඩියාගේ ගෝලයෝ


“වෙඩික්‌කරුට මරණකාරියගේ නිවස පෙන්වීමට කැඳවාගෙන ගිහින්..”
“පාතාල නායක ලඩියාගේ ගෝලයෝ අත්අඩංගුවට..”

මීට මාස 4 කට උඩදී කොට්‌ටාවේ රූපලාවන්‍ය ශිල්පිනියකට නිවසකදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පාතාල නායක “ලඩියාගේ” ගෝලයන් තිදෙනා හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 10 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්‌කරු අත්අඩංගුවට ගැනීමට ද පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයිද පැවසෙනවා.එම ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් තිදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස්‌ තුළදී කොටු කරගෙන තිබෙන අතර මොවුන් අදාළ අපරාධය සිදු කිරීමට යැමට ගමන් ගත් මෝටර් රථය හා වෑන් රථය ද එම ඒකකය භාරයට ගෙන තිබෙන බවයි සදහන් වෙන්නේ.
මෙම අපරාධය සිදු කළ වෙඩික්‌කරුට නවාතැන් සපයා ඇත්තේ මෙම සැකකරුවන් විසින් බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි තිබෙන බවත් සදහන්.
එමෙන්ම, යතුරුපැදියෙන් පැමිණි වෙඩික්‌කරුට මරණකාරියගේ නිවස පෙන්වීමට කැඳවාගෙන ගොස්‌ ඇත්තේ වෑන් රථයේ පැමිණි මෙම සැකකරුවන් තිදෙනා බව හෙළිව තිබෙ බව පොලිසිය සදහන් කරනවා.
තම මිතුරකු වූ බණ්‌ඩාට අතුරුගිරිය රූපලාවන්‍යාගාර සැලුන් එක තුළ වෙඩි තබා මරා දැමීමට මෙම කාන්තාව අනුබල දීම නිසා තමන් එයට පළිගැනීමක්‌ ලෙස වෙනත් අයකු යොදවා මැයව මරා දැමූ බව සැකකරුවන් විසින් පාපොච්චාරණය කර තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
2017/11/30 වැනිදා කොට්‌ටාව, රුක්‌මලේ, බාලිකා නිවාස පාරේ නිවසක්‌ තුළදී මංජුලා සඳුනි අබේරත්න (37) නමැති දෙදරු මවක්‌ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
Image result for කොට්‌ටාවේ රූපලාවන්‍ය ශිල්පිනිය ඝාතනය
Related image
Related image
Image result for කොට්‌ටාවේ රූපලාවන්‍ය ශිල්පිනිය ඝාතනය
Image result for කොට්‌ටාවේ රූපලාවන්‍ය ශිල්පිනිය ඝාතනය
Image result for කොට්‌ටාවේ රූපලාවන්‍ය ශිල්පිනිය ඝාතනය
Related image

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment