මම දූෂණය උනා නෙවේ.. උන් මාව දූෂණය කලා..

ඇටමස් ලේ නහර ඔස්සේ දිවෙන්නා වූ ඔබේත් මගේත් මනුෂ්‍යත්වය සෑම අයෙකුගේම පාපොච්චාරනයට ලක් කරන්න එදාට ඉතිරි වන්නේ යම් විටක ඔබත් මමත් පමණක් වේ.
එදාට ඔබට මතක් වේවි මම බිහි වූවේ මවකගේ කුසින්නම් ඔවුන් බිහි වූයේ මවකගේ කුසින් නොවේද කියා. මව යන්නා වූ උත්තරීතර පදවිය ලබන්නා හා එයට දායකත්වය ලබා දෙන්නා අතර මහා පරතරයක් නැති තරම්ය. නමුත් අද එසේ මෙලොවට එළිය දකින්නෝ අනුන්ගේ ආත්මයම විකුණා දමති. පිරිමියා යනු ගැහැණියකගේ උරුමයේ අයිතිය දරන්නෝය. නමුත් අයිතිය අද බලහත්කාරකමකට පත් වී ඇත. අයිතිය හා බලහත්කාරකම අතර විශාල වෙනස් කමක් පවතින අතර නියම පිරිමියා කෙසේවත් බලහත්කාරකමක් නොකරයි. බලහත්කාරකමේ මුලික පදනම වන්නේ දූෂණයයි. දූෂණයේදී කෙනෙකුගේ මුළු ආත්මයම වන්දි ගෙවනවා වැනිය. මේ පවතින සමාජ තත්වය හමුවේ ඔබත් මමත් දන්නවා ලංකාවේ දූෂණයන් වලට ලක් වන කාන්තා පිරිස වැඩි බව. කාන්කාවන් පමණක්ම නොව පුංචි දරුවන් පවා මේ පාපකාරීන්ගේ ගොදුරු වනවාය. මතකද "පුංචි සේයා" එතකොට "විද්‍යා" තව නම් වලින් නොදන්නා පිරිස් සිටිනවා ඔබ දන්නවා ඇත. මේ අය වෙනුවෙන් කෑ ගැහැව්ව පිකටින් කලා මතකද? නළුනිළියො , මන්ත්‍රීවරු , විවිධ කාන්තා සංගමයන් හා සාමාන්‍ය ජනයා විසින් එකතු වුනා මතකද? ඒත් කො දැන් එයාල? තම පවුල ජීවත් කරවන්න ගාමට් යන කෙල්ලො ඉන්නවා ඔබ දන්නවා ඇත. ඒ අය මහ මගදිම දූෂණය කරල මරනව. ඇයි මේ? ඒ අය කෑ ගහන්න ජීවිතයක් ඉතුරු වෙන් නෑ. නමුත් එයාල තමන්ගෙ මුළු ආත්මෙන්ම කෑ ගහන්නෙ මම දූෂණය උනේ නෑ.. උන් මාව දූෂණය කලා කියලයි. ඇත්ත කිසිම කෙනෙක් තමන්ගෙ කැමැත්තෙන් දූෂණය වෙන් නෑ. අම්මගේ තන පිඩුවෙන් කිරි කටගෑව ඔවුන් තවත් කතකගේ ලේ උරා බොද්දී ඔවුන්ගේ මව්වරු දරුවා වෙනුවෙන් යදිනවා ඇති නේද? ඔවු එසේ යදින විට තවත් කෙනෙක් මගේ දුවව විනාෂකරපු එවුන් හැදිගෑවියන් යන්න යදිනවා ඇත. ශාපලත් අහස යට ඔවුන් සදා අසරණයි. නමුත් ඔවුන්ගේ අසරණ කම් අසහනකාරී මනෝභාවයෙන් පෙලෙන්නා වූ ඔවුනට නොහිතෙනවා ඇතිද? ඒ වාගේම අද එවැනි දූෂණයන්ට ලක් වූ කතුන් මව්වරු වී ජීවත් වනවා ඇත. තවත් සමහරු ගණිකාවන් ලෙස පිරිමින්ට කබුරනවා ඇත. එය කෙසේ වෙතත් තවත් සමහරු මුළු ජීවිතයෙන්ම සමු අරන් ඇත. ඔවුන්ගේ හුස්ම සාක්ෂි දරනවානම් අද අපේ බාගෙට බාගයක් සිරබත් කෑමට වරම් ලබා ඇත සහතිකෙන්ම. ඔවුන්ගේ හුසුම පිඩේ විඩාව දන්නේ ඔහේ හමනා සුළග පමණි. බාගදාට තමන්ගේ මව දුෂණය කරන පුතාලා ජීවත් වන බව ඔබ නොදන්නා කරුණක් නොවේනේ, පොලිස් රාළහාමිලාට ගොඩක් වැඩ නෙව. පොලිස් පොත් පිරෙන්න දූෂණභීෂණ සටහන් වී ඇත. නමුත් සමහරක් ඔවුන්ගේ ඕනකම් වලට ඒවා යටපත් කරයි. සමහර විට එහි නැත්තේ සැමියා විසින් තම බිරිදව දූෂණය කලා යන්න කියන වචන පෙළ පමණක් විය හැක. නමුත් අනාගතයේ එයද යම් දවසක පොලිස් පොතේ සටහන් විය හැකි නේද? මොකද අද බොහො විට විවාහ වන සැනින් එම විවාහ ලිහිල් වනවා යන්න ඇත්තක් බව හොදින් වැටහෙන කරුනක්ය. ඉදින් සිතන්න ඔබේ නැගෙනිය , ඔබේ මිතුරිය , ඔබේ මව , ඔබේ දරුවා හෝ ඔබ එම පාපතරයන්ගේ ඉලක්කයක් විය හැක. මේ ආකාරයට අගුපිල් වල , පාරවල් වල අසරණ වූ ඈයොන්ට ඔබේ අනුකම්පාව අවශ්‍ය බව ඔබ දන්නවාද? එවැනි අයව කවදාවත් පිළිකුලට ලක් කරන්න එපා.එයින් තමන්ම වරදක් සිදු කරගන්නවාය. ඒ වාගේම මෙවැනි සිදුවිම් හෙලා දකිමු. නමුත් මෙවැනි පාපතරයන්ගේ දෘෂ්ඨියෙන් මිදීම කල හැකි දෙයක්ද? නොකල හැකි දෙයක්ද? යන්න අදටත් මට යෙදෙන ප්‍රශ්ණාර්ථයකි..?
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment