තමන්ගේ වියදමින් හැම පෝයටම වීදි සුනඛයින්ගේ කුසගින්න නිවන්න වෙහෙසෙන සුරූපී නිරූපන ශිල්පිනිය මෙන්න – Photos
“ගෙදරින් පටන්ගත්තම කොළඹට වෙනකන්ම යනවා”
සතුන් වෙනුවෙන් ඇප කැපවෙන පුද්ගලයන් ගැන අපට නිතර නිතර අහන්න දැනගන්න ලැබෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ සත්ක්රියාවක් කරපු තරුණියක් ගැනයි. ඇය නමින් මයන්ති පාලිකා ජයවර්ධනයි.
ඇය ගොඩගම ප්රදේශයේ පදිංචිව සිටින අතර නිවසේ සිට කොළඹ දක්වා වීදියේ සිටින සුනඛයින් සොයා මෙලෙස ආහාර ලබාදීම සිදුකරනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපි ඇගෙන් විමසුවා. එහිදී ඇය පැවසුවේ සතුන්ට හුඟක් ආදරේ බවත් පොහොය දිනයන් වල මෙවැනි සත්ක්රියාවන් සිදුකරන බවයි.
ඇය නිරූපන ක්ෂ්රේතයේ තවමත් නියැලෙන සූරූපී නිරූපිකාවක් වන අතර මෙම සත්ක්රියාව ඇය තනියෙන් සිදුකරන එක විශේෂත්වයක්.
ඇය අප වෙත පැවසූ දේ පහතින්
“සමාන්යයෙන් මම ගොඩක් පොහොය දිනයන් වලට සතුන්ට ආහාර දෙනවා. මම සත්තුන්ට හුඟක් ආදරෙයි. වෙසක් පෝය දවසේ තමයි මම මේක කළේ. සමාන්යයෙන් මම වීදි සුනඛයින් 50කට විතර කෑම පිළියෙල කරනවා. මේක පළමුපාර නෙමෙයි මේ පාර මම ටිකක් වැඩිපුර දුන්නා. මේ පාර මම 120කට විතර දුන්නා. මෙයාලව ටිකක් හොයන්න අමාරුයි. අම්මයි තාත්තයි මායි උයලා ගිහින් දෙනවා. ගෙදරින් පටන්ගත්තම කොළඹට වෙනකන්ම යනවා. අතුරුපාරවල් වල පිළියන්දල , කැස්බෑව , හෝමාගම ඔය හැමපැත්තෙම යනවා.” මට ඩ්රයිව් කරන්න අමාරුයි ඒ නිසා තව කෙනෙක් එක්කන් යනවා”
0 comments :
Post a Comment