ලංකාව පුරා සීග්‍රයෙන් පැතිර යන අලුත්ම ලිංගික රෝගක් මෙන්න ලිංගිකව එකතුවෙන්න කලින් මේක බලන්න

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන හර්පීස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේ මේ වන විට වාර්තා වී ඇති එම රෝගීන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවන බවයි.මෙරට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ හර්පීස් රෝගීන් වෙනවා.
අවුරුදු 25 – 35 අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් වැඩි වශයෙන්ම මෙම රෝගයට ගොදුරු වී ඇති බව ද වෛද්‍ය සිසිර ලියනගේ කියා සිටියා.
ගිය වසරේදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පුද්ගලයින් 38000 පැමිණ ඇතැයි ද ඔහු සඳහන් කලා.
රෝගය ගැන පහතින් කියවන්න
හර්පීස් ආසාදනය පිරිමින්ගේ ශිෂ්ණය හා ගැහැණුන්ගේ යෝනි ප්‍රදේශය හා ඒ ආශ්‍රිත සමෙහි හටගන්නා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි.රෝගය වැළදුන සමහරුන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවත් රෝගය තව කෙනෙකුට බෝකිරීමේ හැකියාව ඇත.වෛරස සදහා ඇති විශේෂ ප්‍රතිජීවක ඖෂධ මගින් රෝග ලක්ෂණ පාලනය කළ හැක.
රෝග කාරකය‍
හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය (2 වන කාණ්ඩය)
ශරීරය තුල ක්‍රියාත්මක වන අයුරු
ලිංගික හර්පීස් රෝගය ඇති පුද්ගලයකු සමග ඇතිවන අනාරක්ෂිත ලිංගික ඇසුරකින් වෛරසය ආසාදනය විය හැක. එනම් යෝනි ගුද හෝ මුඛ මාර්ග ආශ්‍රිතව සිදුවේ. මුඛය ලිංගේන්ද්‍ර හා ගුදය ආවරණය කෙරෙන මෘදු සම වෛරස ඇතුල්වීම පහසු කරයි.වෛරසය ඇතුල්වූ පසු එය සිරුර තුළ පවතින අතර සමහර අවස්ථාවලදී නැවත නැවත රෝග ලක්ෂණ මතු කළ හැක.
රෝග ලක්ෂණ
අනාරක්ෂිත ලිංගික ඇසුරකට පසු දින 2 – 7 අතර කාලයක් රෝග ලක්සණ මතුවිය හැක.සමහරුන්ට රෝග ලක්ෂණ කිසිවක් ඇති නොවන මුත් තව කෙනෙකුට රෝගය පැතිරීමේ හැකියාව ඇත.රෝග ලක්ෂණ ලිංගාශ්‍රිතව ඇතිවන දැවිල්ලක සිට ඉතා වේදනාත්මක කුඩා දිය බුබුළු ලෙස දැකිය හැක.මෙම දිය බුබුළු යෝනි ප්‍රදේශයේ හා පිරිමින්ගේ ශිෂ්ණයේ දැකිය හැකියි.මෙම දිය බුබුළු පිපිරී ගොස් කුඩා රතු තුවාල හට ගනී.මේවා ඉතාමත් වේදනාකාරීව සති 2-3 ක් පමණ මෙසේ පැවතිය හැක.ටික කලකින් මෙම රෝග ලක්ෂණ නැවත මතුවිය හැකි අතර පළමුවර තරම් බරපතල නොවේ.මද උණ ගතිය, ඇගපත වේදනාව සමග දුර්වල ගතියක් රෝගියාට දැනේ.එකළග තුවාල කීපයක් පවා හටගත හැක.මේවා ලිංගාශ්‍රිතව පමණක් නොව ගුදය ආශ්‍රිතව හා මුඛයේද දැකිය හැක. සමහර විට ඉකිලිවල වසා ගැටිති ඉදිමී ගෙඩි ලෙස දැකිය හැක.බොහෝ වි‍ට කාන්තාවන්ට මූත්‍රා කිරීමේදී දැවිල්ලක් හටගනී.
සංකූලතා
නිතර නිතර මෙම රෝග ලක්ෂණ මතුවිය හැකි අතර රෝග ලක්ෂණ නැති කාලයේ පවා ලිංගික සහකරුවන්ට රෝගය බෝකළ හැක.
ගර්භනී මවකට දරු ප්‍රසූතිය සමයේ රෝග ලක්ෂණ පැවතුනහොත් තම දරුවා ආසාදනය කිරීමේ හැකියාව ඇත. එවිට දරුවාගේ මොළයට පවා විෂබීජ ගොස් බරපතල ස්නායු ආබාධ පවා ඇතිවිය හැක.
ප්‍රතිකාර
ඉහත රෝග ලක්ෂණ මතුවුවහොත් රෝගය ඇතැයි සැක සහිත නම් ඉක්මණින් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවීම හෝ ලිංගික රෝග සායනයකට යොමු වීම වැදගත්ය.වෛරස සදහා ඇති ප්‍රතිජීවක ඖෂධ නිසි පරිද ගත යුතුය.තුවාලවලින් ගන්නා ස්‍රාව / සාම්පල පරීක්ෂා කිරීමෙන් රෝගය තහවුරු කළ හැක.අධික වේදනාව මග හරවා ගැනීමට වේදනා නාශක අවශ්‍ය වේ.තුවාල ලුණු මිශ්‍ර ජලයෙන් දිනකට කිහිපවරක් සෝදා පිරිසිදු කළ යුතුය. බොහෝ විට රෝගියාගේ ලිංගික සහකරු / සහකාරියන් සායන වෙත යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ.
රෝගය වළක්වා ගැනීම
විශ්වාසවන්ත එක් සහකරු සහකාරියකට පමණක් ලිංගික සබදතා සීමා කිරීම හා අනාරක්ෂිත ලිංගික සබදතාවලදී නිසි පරිදි කොන්ඩම් භාවිතය අත්‍යාවශ්‍ය වේ.නමුත් කොන්ඩම්වලින් ආවරණය නොවන තුවාල ඇත්නම් (එනම්, ගුදය වටා ඇති තුවාල) රෝගය බෝවීම සිදුවිය හැක.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment