මුළු මැද පෙරදිගම මගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා.. නිල් චිත්‍රපට ලෝලීන්ගේ සිහින ‍රැජින මියා කියයි


“මුළු මැද පෙරදිගම මගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා..” – නිල් චිත්‍රපට ලෝලීන්ගේ සිහින ‍රැජින මියා කියයි – Photos….
“මගේ පවුලේ අය පවා මාව පවුලෙන් ඉවත් කළා ..”

“ලිංගික ජවනිකාව කරන්න තිබුණේ හිජාබයක් හැදගෙන..”
නිල් සිනමාව ලංකාවේ තහනම් මෙන්ම බරපතල වරදක් ලෙස සලකන නමුත් බොහොමයක් බටහිර රටවල එය වාණිජමය කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. එවැනි තත්වයක් යටතේ නිල් සිනමාවේ මෑත කාලීනව සුප්‍රසිද්ධම තරුව බවට පත්වූ මියා කාලිෆා ඇයට මුහුණදෙන්නට සිදුවූ සහ සිදුව ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් බී.බී.සී ගුවන් විදුලිය සමග පැවති වැඩසටහනකදී අදහස් දක්වා තිබුණේ මෙහෙමයි.
‘2015 දී එක් නිල් චිත්‍රපට ජවනිකාවක් කරන්න සූදානම් වෙද්දි එහි අධ්‍යක්ෂකවරයා ඇවිත් මට පිටපත් පෙන්නුවා. එයට අනුව මා එම ලිංගික ජවනිකාව අතරේ හිජාබයක් (ඉස්ලාම් කාන්තාවන් හිස වැසීමට භාවිතා කරන ආවරණය) ඇඳිය යුතුව තිබුණා.
මම කිව්වා ඔයා හදන්නේ ඔයත් මැරිලා මාවත් මරණ වැඩක් කරන්න තමයි කියලා.. කොහොමවුනත් අධ්‍යක්ෂකවරයාගේ වුවමනාවට සිද්ධවුණු ඒ ජවනිකාවේ රූපගත කිරීම්වලට හරියටම සතියකට පස්සේ මට මුලින්ම මරණ තර්ජන ගලාගෙන ආවා’
වසර 2015 දී මියා කාලිෆාට එරෙහිව ISIS සංවිධානය විරෝධය පෑමෙන් අනතුරුව විවිධ මාර්ගවලින් මරණ තර්ජන සිදුකිරීම ආරම්භ කෙරුණා. එසේම 2016 වසර වන විට ඔවුන්ගේ ඝාතන ලයිස්තුවේ මියා කාලිෆාට ඉහළම තැනක් ලැබී තිබුණා.
‘ ඒ ජවනිකාව ප්‍රසිද්ධියට පත්වුණාට පස්සේ ලෙබනනයෙන් මගේ පුරවැසිභාවය තහනම් කලා, මගේ පවුලේ අය මාව පවුලෙන් ඉවත්කලා, මුළු මැදපෙරදිගම මගේ පස්සෙන් පන්නන්න පටන්ගත්තා. twitter වල හිටිය හැම මුස්ලිම් ජාතිකයෙක්ම මට පහරදෙන්න පටන් ගත්තා, මගේ instegram එකවුන්ට එක හැක්කලා. පුළුවන් හැමදේම ඔවුන් කලා. පස්සේ ඔවුන් මම තනිවම ජීවත්වෙමින් සිටි නිවසේ චන්ද්‍රිකා ඡායාරූපයක් අරගෙන අන්තර්ජාලයට නිකුත් කරලා මාව මරන්න කියලා අන්තවාදීන් පෙළඹෙව්වා..
ඒත් අද ඒ හැමදෙයක්ම දිහා බලලා මම පැත්තකට විසිකරනවා. මොකද මම ඒ දේවල්වලට එදා වගේම අදත් සැලෙන්නේ නැති නිසා.”
මියා කාලිෆා ලෙබනන් ජාතික කතෝලික දෙමව්පියන්ට දාව ඉපදුනු අතර ඇය දර්ශනවාදය පිළිබඳව උපාධියක්ද හදාරා තිබෙනවා. 2015 වසරේ දී නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිසුණු ඇය කෙටි කලක් තුල ඉන් ඉවත්වූවද අදටත් ඇය රඟපෑ ජවනිකා ලෝකය පුරා නිල් චිත්‍රපට ලෝලීන් අතර බෙහෙවින් ප්‍රචලිතයි.

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment