හදවත් රෝගවලින් මිදෙන්න පොතු සහිත ධාන්‍ය ආහාරයට ගන්න


පොතු සහිත ධාන්‍ය වර්ග ආහාරයට ගන්නා වියපත්වූවනට හෘදයාබාධ ඇතිවීමේ අඩු අවධානමක් පවතින බව නවතම අධ්‍යයන වාර්තාවක් හෙළිකර තිබේ.

වයස අවුරුදු 60 ත් 98 ත් අතර වැඩිහිටියන් 535 දෙනකුගේ සහභාගිත්වයෙන් කරන ලද මෙම අධ්‍යනයේ දී පොතු සහිත ධාන්‍ය (Whole Grain) පුද්ගලයන්ගේ ශරීරයේ රසායනික කි‍්‍රයාවලිය වෙනස්වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන් සහ හදිසි හෘදයාබාධයන් නිසා මරණයට පත්වීමේ අඩු අවධානමක් ඉදිරි වසර 12 සිට 15 දක්වා පවතින බවයි.
ඉහත අධ්‍යයනයේ නිරතවූවන් එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ තරුණ සහ වැඩිහිටියන් විශේෂඥයන්ගේ උපදෙස් පරිදි අවම වශයෙන් දිනකට අවස්ථා තුනකදීවත් ආහාරයට ධාන්‍ය එක්කර ගත යුතු බව ය.ශරීරයේ රසායනික කි‍්‍රයාවලිය වෙනස්වීම (Metabolic Synarome) හේතුවෙන් හෘදයාබාධ සහ වකුගඩු තුවාලවීමට බලපාන අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටෙරෝල් සහ රුධිරයේ සීනි ප‍්‍රමාණය ඉහළයාම, උදරය නෙරා ඒම වැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.මීට අමතරව වෙනත් අධ්‍යයන වාර්තාවල සඳහන් වී ඇත්තේ මැදි වයසේ පුද්ගලයනට ඉහත රෝගී තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ධාන්‍යවල පොත්තෙන් නිපදවන ලද ආහාර, ඕට්ස් සහ රතු සහල් ආදී ආහාර භාවිත කළ යුතු බවයි.
නමුත් මේ වන තෙක් මෙම රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් මහලුවූවන් යොදා පර්යේෂණ පවත්වා නො තිබූ බව ඉහත අධ්‍යයනට මූලිකත්වය ලබා දුන් ආචාර්ය නදීන් ෂයෝන් සඳහන් කරන්නී ය.වයස්ගතවීමත් සමඟ රුධිරයේ සීනි ප‍්‍රතිශතය වැඩිවීමේ වැඩි නැඹුරුතාවක් ඇති හෙයින් වයස්ගතවූවනට නිසි ආහාර ලබාගැනීමෙන් ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පාලනය කර ගත හැකි බව මේරිලක් විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරියක වන නදීන් පවසා සිටින්නී ය. වෛද්‍ය නදීන් සහ ඇගේ සගයන්ගේ මෙම පර්යේෂණයට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක්, ආහාර පුරුදු හඳුනාගැනීම සඳහා දින 3 ක ආහාර වට්ටෝරු ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කළ අතර සහභාගිවූවන්ගේ ව්‍යායාම්, දුම් පානය, මත්පැන් පානය පිළිබඳ තොරතුරු ද ලබාගන්නා ලදී.
දිනපතා පුරුද්දක් වශයෙන් තුන්වේලක් ආහාරයට ධාන්‍ය එක්කර ගන්නා පුරුෂයන් සහ කාන්තාවනට දිනකට එක් වේලකට පමණක් ආහාරයට ධාන්‍ය එකතු කර ගන්නා අයවලුන්ට වඩා අඩකින් මෙටබොලික් සින්ඩ්‍රොම් ඇතිවීමේ අවධානම ඇතිවන බව ද මෙම අධ්‍යයනයේ දී හෙළි වී තිබේ.පිරිසිදු කරනු ලැබූ ධාන්‍ය ආහාරයට ගන්නා පුද්ගලයනට වඩා පොතු සහිත ධාන්‍ය ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ රුධිරයේ අඩු සීනි ප‍්‍රමාණයක් සහ අඩු ස්ථුල භාවයකින් ද යුතු බව ද හෙළි වී ඇත.
ශරීරයේ ස්ථුල භාවය, ආහාර සහ ව්‍යායාම් පුරුදු ගැන සලකා බලන විට ධාන්‍ය ආහාරයට ගැනීම හෘදයාබාධ ඇතිවීම අඩුවීම කෙරෙහි සෘජු බලපෑමක් කරනු ලැබේ.පොතු සහිත ධාන්‍ය මිලදී ගැනීමේ දී භාණ්ඩයේ නම දෙස බැලීම නිසා පාරිභෝගිකයන් අසීරුතාවකට පත්වන බව ඇය සඳහන් කරන්නී ය. මෙම ආහාර මිල දී ගැනීමේ දී විශේෂයෙන් ම “පොතු සහිත ධාන්‍ය” (whole grain) ලෙස සඳහන් වී ඇත්දැයි සොයා බැලිය යුතු බවට ඇය පවසා සිටියි.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment