කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන ලොව වඩාත්ම ආකර්ශනීය ම සිදුවීම නම් ලිංගික එක්වීම යි. මෙම ලිංගික එක්වීම සඳහා පුරුෂයා හා කාන්තාව යන දෙදෙනාම
ස්වභාවයෙන් ම සිය උපරිමයෙන් කැප වී සිටියි. තවත් ලෙසකින් පවසන්නේ නම් සියලූ දේ ලිංගික එක්වීම සඳහා යැයි පැවසීම අරුමයක් නොවේ.
ලිංගිකව හැසිරීමේ දී පුරුෂයින් අතින් සිදුවන බොහෝ වැරදි ඇත. ඒ වැරදි කාන්තාවන්ගේ පාර්ශවයෙන් බැලූවහොත් ඇයට සිදුවන අසාධාරණයකි. විශේෂයෙන් ම විවාහක කාන්තාවක සිය පුරුෂයාගෙන් ලිංගික සතුට ලබන්නට සූදානමින් සිටියි. එහෙත් පුරුෂයා කාන්තාව හා ලිංගිකව එක් වීමේ දී ඔහුගේ පැත්ත පමණක් සලකන අතර කාන්තාවගේ තෘප්තිය හා ආශාවන් ගැන බොහෝ විට නොසිතයි.
මෙම ලිපි පෙළින් බලාපොරොත්තු වන්නේ ලිංගික එක්වීමේ දී උපරිම සතුට පුරුෂයාටත්, කාන්තාවටත් එක සේ ලබා දීම යි.
කාන්තාවට දැනෙන්නට නම්,
ඔබ හොඳ සංවේදී වදන් තෙපලන්නෙක් විය යුතුයි.
මෙහි දී ඔබ ඇයගේ සියම් හැ`ගීම් වටහා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න. එය කිසිසේත් ම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. මන් ද යත් සිය බිරිය හෝ පෙම්වතිය උපරිම සතුටින් සිටින විට ඔබට ද එම සතුට සම්ප්‍රේකෂණය වන නිසා ය. එසේ වන්නේ ඔබට ද ඇයගෙන් ලිංගික හැසිරීම සඳහා මනා පිටුබලයක් ලැඛෙන බැවිනි. ආදරය ප්‍රධාන වේ. දෙදෙනා අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. සිය බිරිඳට තමන් සතු සියලූ දේ පවසන බව අ`ගවන්න.
ඇයගේ රහස් තමාට රහස් නොවන බවත් එම රහස් ඇයට මෙලොව පැවසිය හැකි එකම පුද්ගලයා ඔබ බවත් ඇයගේ සිත තුළ විශ්වාසයක් ඇති කරන්න. ඔබ ඇයට කිසි සේත් බොරු නොකරන බව ඇයට දැනෙන්නට ඉඩ හරින්න. ඇගේ ඇති අගය ඇයට වටහා දෙන්න. ඔබ ඇයට ඇලූම් කරන්නේ ඇගේ කුමන ලකෂණවලට ද යන්නත්, ඇගේ කුමන හැසිරීම්වලට ද යන්නත් ඇයට නොබියව, නොපැකිළව පවසන්න. ඔබට ලිංගිකව එක් වීමට අවශ්‍ය අවස්ථාවේ දී ඇයට එය දැනෙන්නට ඉඩ හරින්න. ඔබ ඇගේ හැ`ගීම් හඳුනාගෙන ඇති බව නිතර පවසන්න. ඇයට ආදරයෙන් ළං වන්න.
බොහෝ කාන්තාවන් සිය පෙනුම ගැන කණස්සල්ලෙන් සිටියි.
කාන්තාව සිය රූප ස්වභාවය ගැන කණස්සල්ලෙන් පසුවීම ස්වභාවික යි. ඇය ස්වභාවයෙන්ම සියුමැලි, සුකුමාර, අලංකාර වස්තුවක් වීමට ප්‍රිය කරයි. බොහෝ කාන්තාවන් සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ පවා නිරුවත්වීමට අපහසු බවක් දක්වයි. එය ස්වභාවික යි. ඇය ඉතා අලංකාරවත් බව ඇයට නොබියව පවසන්න. ඇය එසේ නැතැයි කිවහොත් ඇගේ සිරුරේ ඇති අලංකාර අවයව ගැන වර්ණනා කරන්න. ඇගේ ළැම ලස්සනයි, ඇගේ නිතඹ ලස්සනයි යනුවෙන් ඇගේ ඔබ ඇත්තටම දකින ලස්සන තැන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න.
කාන්තාවකට ලිංගිකතවය ඇගේ ජීවිතයෙන් බාහිර දෙයක් නොවේ.
පුරුෂයෙකුට මෙන් නොව කාන්තාවක් සැනසෙන්නේ ඇය ලබන ලිංගික තෘප්තියෙනි. ඇය දවසේ කොතෙක් වෙහෙස මහන්සි වී සිටිය ද රාත්‍රී සයනය මත සිය පුරුෂයාගෙන් ලබන ලිංගික සතුට ඇයට හෙට දවසේ නව ජීවයකින් පිබිදීමට උපකාර වෙයි. තව ද දවසේ ඉතිරි කාලයේ දී ඔබ ඇයට දක්වන සංවේදීතාවය ඇය ඛෙහෙවින්ම බලාපොරොත්තු වෙයි. ඇය කාර්යාලයේ සිටිනවා නම් ඇගේ අපහසුතා ඇය ඔබ සමග පවසාවි. එවිට ඇයට ඇහුම්කන් දෙන්න. දිරිමත් කරන්න. කිසිවිටෙකත් ඇය නොසලකා හරින්න එපා. නිවසේ සිටින විට නම් නිතර සිප ගැනීම, තුරුළු කර ගැනීම, ආදරයෙන් අතගෑම ආදී ලෙස ආදරය දක්වන්න. ඇගේ සිතට වද දෙන ප්‍රකාශ කිසිසේත් කරන්න එපා. ඇගේ සිත සන්සුන් වූ විට ඇයව ලිංගිකතවයට පොළඹවා ගැනීම ඉතා පහසු ය.
සුරතාන්තය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ.
බොහෝ පිරිමින් සිතන්නේ සිය කාන්තාව සුරතාන්තයට පත් කිරීමට හැකි වීම පමණක් ප්‍රමාණවත් යන පරිද්දෙනි. නමුත් එය සර්ව සත්‍යය නොවේ. එවන් අවස්ථා බොහෝ අගනා නමුත් කාන්තාවට සෑම අවස්ථාවක ම එම තත්ත්වයට පත් වීමට හැකියාවක් නොමැත. සමහර අවස්ථාවල කාන්තාවන් සුරතාන්තයට පත් වීමට වඩා පූර්ව ලිංගික ක්‍රියාවලියෙන් ඇය බොහෝ තෘප්තියට පත්වේ. ඇයට සුරතාන්තයට පැමි”මට අවශ්‍ය නම් ඇය ඔබට එය පවසනු ඇත.
ලිංගිකත්වය යනු සංකීර්ණ කර්තව්‍යයක් නොවේ.
එය සරළ ක්‍රියාවකි. එය සරළ බවින් පටන්ගෙන සරළ බවින් ම අවසන් කරන්න. එයට කාන්තාව බොහෝ කැමති වෙයි. ඇය සමග එක්වීම ඔබ සැලසුම් කරන්න එපා. එයට පැමිණි හොඳම අවස්ථාව ප්‍රථමයෙන්ම ප්‍රයෝජනයට ගන්න. බොහෝ සැහැල්ලූවෙන් සරළව එම ක්‍රියාවලියේ යෙදෙන්න.
ලිංගික නොවන ස්පර්ශයට හා කරුණාවන්තකමට කාන්තාවන් බොහෝ ළැදියි.
ආදරය, තුරුළුවීම, අත අල්ලා ගැනීම, සිප ගැනීම ආදී කටයුතු ලිංගික කටයුතු නොවන බව හොඳින් සිතේ ධාරණය කර ගන්න. ඒවා එදිනෙදා ඔබ විසින් කළ යුතු සාමාන්‍ය කටයුතු බව හොඳින් සිහිපත් කරන්න. මතක තබා ගන්න. මේවායින් ඇය ඔබ ගැන මියුරු සිතුවමක් සිතේ මවා ගනු ඇත. එවිට ඇයට ඔබ නිරන්තරයෙන් ඇගේ සුන්දර ලෝකයට අරක්ගත් ප්‍රේමවන්තයා වනු ඇත.
ලිංගික කාර්යයෙන් පසු අත්හැර නොදමන්න
බොහෝ පුරුෂයින් ඔවුන්ගේ ලිංගික කාර්යයෙන් පසු බොහෝ වෙහෙසකර වෙයි. ලිංගික කාර්යයේ දී පුරුෂයින්ගේ මොළයෙන් නිපදවෙන එන්ඩෝෆින් නිසා ඔවුන්ගේ රුධිරයේ එන්ඩෝෆින් සාන්ද්‍රණය ලිංගික කාර්යයෙන් පසු අධික වෙයි. පුරුෂයන් මෝචනයෙන් පසු මානසිකව කෂණයකින් ලිංගික කටයුත්ත එපා වන තත්ත්වයකට පත් වෙයි. එහෙත් කාන්තාවට එය සිදුවන්නේ ඉතා සෙමින් ය. ඇය පුරුෂයාගේ මෝචනයෙන් පසු වුව ද බොහෝ උද්දීප්‍ය තත්ත්වයක පසු වෙන්නීය.
එනිසා ඉන් පසු වුව ද සිය පුරුෂයාගෙන් ඇය බොහෝ විට ලිංගික උද්දීපන බලාපොරොත්තු වෙයි. ලිංගික ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යාමට ඇගේ සිත පෙළෙඹෙයි. ඇය පුරුෂයා එලෙස නැවතීමට ඉඩ නොදෙයි. මෙය පුරුෂයන් තේරුම් ගත යුතු තැනකි. ඔබගේ හැ`ගීම කුමක් වුව ද අඩුම තරමේ ඇය තුරුළු කරගෙන සිටීමට වත් හිත හදා ගන්න. එය ඇයට කරන විශාල ගෞරවයකි. ඇය ඔබ සමග යහන් ගත වී නම් ඔබ ඇය ගැන දරන ආකල්පය කෂණිකව ආපස්සට නොගන්න. එයින් ඇය ඔබ ගැන දරණ ආකල්පය එලෙස ම පවත්වාගෙන යාමට හැකි වේවි.
එදිනෙදා ජීවිතයේ කාන්තාවන්ට හා පුරුෂයින්ට වැදගත් වන මෙවන් තවත් ලිපියකින් නුදුරේදීම ඔබට ලියන්නෙමු.
මෙන්න තවත් පොස්ට් එකක් එකත් කියවන්නකෝ
පරිගණකය නිසා ජීවිතය වරද්දාගත් යුවතියෝ.
ජයාරූප සහ වීඩියෝ දර්ශන ලිපිය මැද.
අවකාශය ජය ගත් මාධ්‍ය අතරින් පරිගනකයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.ඊට හේතුව එය බහු මාධ්‍ය උපකරණයක් වීමයි.
පරිගණකය ආශ්‍රිතව ජීවිතයට ලැබෙන පහසුකම් බොහෝය. එසේම එම පහසුකම් අනිසි ලෙස යොදාගෙන ජීවිතය වරද්දාගත් අය බොහොමයක් වෙති.
මේ දිගහැරෙන්නේ එවන් අනුවේදනීය කතාවකි.
ආදරය වයිරයෙන් කෙලවර වී දෙතැනක සුසුම් හෙලන සොදුරුතම ජීවිතයේ ,ප්‍රේමනීය තාරුණ්‍යයේ දුක්බර ව්ත්තාන්තය මෙසේ පෙලගස්වන්නෙමි.
කාර්යබහුල දිවියට මද විරාමයක් ලබාදෙමින් පූජනීය නගරයට ඇතුළුවූයේ ශ්‍රීමා බෝ සෙවනේදී සිත් පහන් කර ගැනීමටය.
බෝපත් සිළි සිළි හඬ දෙමින් සිතට බුද්ධාලම්භන ප්‍රීතියක් එක් කළ අතර හඳුන්කූරු, පහන් හා මල්වල එකතු වූ අපූරු සුගන්දය පුන්‍ය භූමියේ පහන් සිතිවිළි තවතවත් වර්ධනය කළේය.
ජයසිරි මා බෝ සමිඳු අභියස දොහොත් මුදුන් දී වන්දනා කළ මා කිරි සුදු පාටින් බබළමින් අහස් කුස සිපගැනීමට වෙරදරන සෑ රදුන් දෙසට ගමන් කළෙමි.
”දුවේ ඔයාට මතකද? අපි හැම පෝයකටම මෙහෙට එනවා. මගේ දු මතක් කරන්න රත්තරං”
සවන වැකි ඒ අනුවේදනීය හඬ ආ දෙස මම හැරී බැලූවෙමි.
දිගු සුදු ගවුමකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතා සිටි සුන්දර තරුණියකි.
පෙනුමේ හැටියට ඇයට වයස අවුරුදු 15 ක් හෝ 16 ක් විය හැකිය.
කිසිදු හැඟීමක් ඵල නොකළ ඇය සෑරදුන් දෙස අර්ථ විරහිතව බලා සිටියාය.
ඒත් ඒ නෙත්හි කුමක් හෝ ලොකු දුකක් වේදනාවක් සැඟවී ඇති බව මට වැටහී ගියේ ඇගේ දෑසෙන් ගලා යන කඳුළු නිසාවෙනි.
ඇය අසල සිටි මැදිවයස් ගැහැනිය ඇගේ අම්මා විය හැකිය.
මම ඇය දෙස බැලූවෙමි.
”අනේ බලන්න දුවේ, රත්තරන් වගේ හිටපු මගේ කෙල්ලට වෙච්ච දේ. කතා කරන්නෑ, හිනාවෙන්නෑ, කිසිම දෙයක් කියන්නෑ, බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. මෙයා මෙහෙම හිටපු කෙනෙක් නෙවෙයි.”
ඇගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැළෙන්නට විය. මම ඇය දෙසට හැරුනෙමි.
”ඇයි දුවට මොකද වුණේ”
මම ඇගෙන් විමසුවෙමි.
සියලූ සත්ත්වයින්ගේ සිතට සැනසුමක් ලබාදෙන මේ පින්බිමේ සිට ඇය ඒ සෝචනීය පුවත දිග හැරියාය.
”අපි මෙහෙ අය නෙවෙයි දුවේ. අපි ගාල්ලේ. මට ඉන්නේ මේ දුව විතරයි.
මගේ මහත්තයා නැතිවුණේ මම තරුණ කාලේ. මේ දරුවා නිසා මම ආයේ විවාහයක් වුණේ නෑ.මම හැමදේම කළේ මේ දරුවා සතුටින් තියන්න.
එයාට ඉල්ලන ඉල්ලන දේ ගෙනැත් දුන්නා. ඒත් එයාගේ සැප වෙනුවෙන් භෞතික දේවල් එකතු කරපු මට එයාව ටික ටික ලොකු වෙනවා කියලා හිතුනේ නෑ.
මට එයාව තේරුම් ගන්න බැරිවුණා….”
මම යළිත් ඒ අහිංසකාවිය දෙස හැරී බැලූවෙමි. මේ සුන්දර පුංචි කෙල්ලට ඇත්තටම මොකද වුණේ.
ඔවුන් ජය සිරිමා බෝ සමිඳුගේ පිහිට ඉල්ලා ශුද්ධ නගරයට පැමිණ ඇත.
මම නැවතත් ඒ අහිංසකාවියගේ මව දෙසට හැරුණෙමි.
”මම ගොඩක් මහන්සිවෙලයි මේ දරුවා ලොකු මහත් කළේ. මගෙ දුව ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි.
සාමාන්‍ය පෙළ විභාගය හොඳටම පාස්වුණා. එයා විභාගය හොඳට පාස්වුණොත් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න මම පොරොන්දුවෙලා හිටියේ.
ඒ නිසා මම දුවට පරිගණකයක් අරගෙන දුන්නා. අපේ ගෙදර මගේ නංගි කෙනෙකුත් හිටියා.
උසස් පෙළ පංති පටන්ගන්න තුරු දුව හිටියේ ගෙදර. නංගී දුවගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා.
ඒත් දුව හිටියේ වෙනම කාමරයක. එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයාගේ කාමරයට ගිහින් නෑ.
දුව විද්‍යා අංශයෙනුයි උසස් පෙළ කරන්න බලාපොරොත්තු වුණේ. ඒ නිසා මම ඉන්ටනෙට් ලයින් එකත් අරගෙන දුන්නා.
දවස් දෙක තුනකින් විතර දුවට එයාගේ යාලුවෝ කතා කරලා එයාගේ නිරුවතින් පොටෝ ඉන්ටර්නෙට් එකේ තියන බව කියල තියෙනවා මූලින් දුව මට එක හැංගුව.එත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා.
මම දැනගෙන හිටියේ නැතිවුණාට දහය වසර ඉඳලා දුවට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා.
එයා ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එකෙන් කතා කරලා.
දවසක් හයියෙන් කතා කරන සද්දයක් ඇහෙන නිසා නංගි දුවගේ කාමරයට ගිහින්.
එයා දොර රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු වෙනවලූ.
මම හවස ගෙදර ආවහම මේ විස්තරේ නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන ඇහුවා.
ඒ පිරිමි දරුවා දුවගෙම පන්තියේ ළමයෙක්. අම්මලා තාත්තලත් වැදගත් අය.
ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා. ඒ ළමයා එයාගේ මව්පියෝ මට මුණගැස්සුවා.
අපේ දරුවෝ පුංචි කාලෙදිම ඒ වගේ දේකට අනුබල දීලා අපි ලොකු වැරැුද්දක් කළේ.
ඇයගේ දෑස් අගින් කඳුළු බිංදු ගලාගෙන යන්නීය.
සැබැවින්ම එය වරදකි. තාරුණ්‍යයට ආදරය දැනෙයි. ඔවුන් ආදරය සොයා යයි.
ඒත් ඉගෙන ගන්නා වයසේ බාලවයස්කාර දරුවන්ට විවාහයක පදනම ඇතිව එවැනි සම්බන්ධතා පවත්වන්නට දීම කොතරම් යෝග්‍යය ද යන්න ගැටළුවකි.
ඇගේ එම ලිහිල් ප්රතිපත්තියම අද ඇයට කඳුළු උරුම කර දී ඇත.
ඒත් එම අහිංසකාවියට මෙම තත්ත්වය උදාවූයේ කෙසේද? තවමත් ගැටළුවකි. මම නැවතත් ඇගේ මව් දෙසට හැරුනෙමි.
”අපි දෙපැත්තෙන්ම කතා කරාට පස්සේ මේ දරුවෝ ගොඩක් හොඳට හිටියා මිස්.
ඒත් ආයෙත් කාලයකට පස්සේ දෙන්නා ස්කයිප් එකෙන් නිතර නිතර රණ්ඩුවෙනවා කියලා නංගී කිව්වා.
මම දුවගෙන් ඒ ගැන අහලා බැලූවා. එයා කිව්ව දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා දුවේ.’’
”ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත්‍රපටි බලනවලූ. ඒවා බලලා දුවත් එක්ක කියනවලූ. දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු වෙනවා කියලා දුව කිව්වා.”
අද අහන්න දකින්න ලැබෙන දේත් එක්ක මම ඉක්මන්වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතුනේ ඒ වෙලාවේ. මට ඉන්නේ දුව විතරයි.
මම කැමති නෑ එයා අඬනවා බලන්න. ඒ නිසා මම ඒ දරුවාගෙ අම්මලාට කතා කරලා එයා නිල් චිත්‍රපටි බලන එක ගැන දැනුම්වත් කළා.
එයාලගේ අම්මලත් ඒ දරුවට අවවාද කරලා තිබ්බා.
එදායින් පස්සේ සතියක් විතර ඒ දරුවා අපේ දුවට කතා කරලා නෑ.
දවස් දෙක තුනකින් විතර දුවට එයාගේ යාළුවෝ කතා කරලා එයාගේ නිරුවත් ෆොටෝ ඉන්ටනෙට් එකේ තියන බව කියලා තියනවා.
මුලින් දුව ඒක මට හැංගුවා. ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා.
ඒක එහෙම වුණේ කොහොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ.
එයා මුලින්ම කිව්වේ එයාගේ ෆේස්බුක් ගිණුමේ තිබුණ ෆොටෝ අරගෙන වෙනස් කරලා හදලා දාලා තියෙන්නේ කියලා.
ඒත් ප්‍රශ්නෙ ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැමදේම කිව්වා.
අර ළමයාට නිල් චිත්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියලා ඒවා නොබලා ඉන්නනම් දුවගෙ පින්තූර එවන්න කියලා.
දුව ඒක විශ්වාස කරලා. එයාට තිබුණ ආදරේට, එයා ඒ වගේ දේවලින් ගලවා ගන්න දුවම එයාගේ ෆෝන් එකෙන් පින්තූර අරගෙන ඒ පිරිමි ළමයට යවලා.
ඒත් එයා නිල් චිත්‍රපටි බලන එක නතර කරලා නෑ. දුව ඒ නිසා නිතරම එයත් එක්ක රණ්ඩු කරලා.
අන්තිමට දුව මට කියලා එයාගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට මගෙ දරුවගෙන් පළිගත්තේ එහෙමයි.
ඔය සිද්ධියෙන් පස්සේ දුව ගොඩක් මානසිකව වැටුණා. හීනෙන් බයවෙලා නැගිට්ටා.
ඇඳේ ඉඳගෙන අඬන්න වුණා. මෙයාට ඉස්කෝලේ ගුරුවරුත් ගොඩක් ආදරෙයි. යාළුවොත් ගොඩක් ගරු කළා.
ඒත් ඔය සිදුවීම ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගටම මෙයාට කෝල් ආව අවස්ථා තිබුණා.
අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව මෙයා නිහඬ වෙලා. දැන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා.
ඒත් මෙයා ඒ පරිසරයෙන් ඈත් කරන්න ඕනෑ නිසයි අපි අනුරාධපුරේ ආවේ. ඉස්සර මෙයා ගොඩක් ආසයි උඩමළුවට එන්න.
මට ඕන කොහොම හරි මගෙ අහිංසකීව සනීප කරගන්න.
සැබැවින්ම ඛේදනීය ඉරණමකි. ආදරය සුන්දරය. එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ගෞරවය, ආරක්ෂාව ආදී බොහෝ දේ තිබිය යුතුය.
අද පවතින ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත.
දහම් අධ්‍යාපනයක් නොලබන දරුවෝ පින, පව, සංස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති.
අනේ බලන්න දුවේ, රත්තරන් වගේ හිටපු මගේ කෙල්ලට වෙච්ච දේ, කතා කරන්නෑ, හිනාවෙන්නෑ, කිසිම දෙයක් කියන්නෑ.
ඒ වෙතින් නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද කෙළෙසා දමයි.
නව තාක්ෂණය අවශ්‍යය.
එහෙත් එය භාවිතය දැලි පිහියෙන් කිරි කෑමක් බඳුය.
එබැවින් ජීවිතයට අවශ්‍ය දේ තෝරාගෙන අනවශ්‍ය දේ බැහැර කර තාක්ෂණය භාවිත කළ යුතු බව සිහියට ගත යුතුය.
අද පරිගණක අපරාධ දවසින් දවස වැඩිවෙනවා.
ඊට හේතු ලෙස අප දකින්නේ අන්තර්ජාල භාවිතය පිළිබඳ ඇති නොදැනුවත්කම හෝ ගණන් නොගන්නාකම.
විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවෝ අද ජංගම දුරකථනයත් පරිගණකයක් කරගෙන.
හැම වෙලාවෙම අන්තර්ජාලයේ සැරිසරනවා. අද ෆේස්බුක් ගිණුම් බොහෝදෙනෙක් භාවිත කරනවා.
ඒත් ෆේස්බුක් එකක් තියෙන්නේ මොකටද කළ යුත්තේ මොනවද කියන සීමා මායිම් දන්නේ නෑ.
සමහර අවස්ථාවල ෆේස්බුක් එකට ලස්සන පින්තූර, වීඩියෝ පට එනවා.
ඒවා බලන්න පාස්වර්ඞ් ගහලා ඒ සයිට්වලට යන්න ඕනෑ. සමහර දේවල් හොඳ වගේම, හොඳ වගේ එන දරුවන්ට අනුචිත බොහෝ දේත් එහි තියෙන්න පුළුවන්.
විශේෂයෙන්ම නිරුවත් පින්තූර වගේම අසභ්‍ය වීඩියෝ දර්ශන.
මේ වගේ දේවල් බලපුවහම සාමාන්‍ය විදියට ජීවිතය දකින දරුවෙක් අසාමාන්‍ය වෙනවා.
ඒකට ඇබ්බැහිවෙනවා. ඒ නිසා අධ්‍යාපනය කඩාවැටීම් සිදුවෙනවා.
විශේෂයෙන්ම පාසල් යන දරුවන්ගේ අතට අන්තර්ජාල භාවිතය පත්කරද්දි ඔවුන් යන සයිට්, ඔවුන් බලන කරන දේවල් හොයා බලන්න මව්පියෝ දැනුම්වත්වෙන්න ඕන.
ඒ වගේම තරුණ ගෑනු ළමයි තමන්ගේ හොඳම යාළුවා, යෙහෙළිය, ඥාතියා, ආදරවන්තයා යන මේ කවුරු කිව්වත් තමන්ගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට මුදාහරින්න එපා.
ඒ වගේම ස්කයිප් එකක් ඉදිරියේ නිරුවත් වෙන්න එපා. අද ළමයි තාවකාලික ගැටලූවලට පිළියම් විදියට අන්ධානුකරණයෙන් අදහන අන්තර්ජාල පෙම්වතුන්ට රැුවටෙනවා.
ඔවුන් කියන හැමදේම කරනවා. අන්තිමට ජීවිතය වරද්දා ගන්නවා. අන්තර්ජාල භාවිතයේදී කල්පනාකාරී වෙන්න. ඔබට ආත්ම ගෞරවයක් තියනවා.
ඔබ ආරක්ෂා කරගත යුතු දේවල් තියනවා.
ඔබේ මව්පියෝ දිවා රෑ නොබලා මහන්සි වෙන්නේ ඔබේ ජීවිත සුඛිත මුදිත කරන්න.
ඒ නිසා එයාලගෙ ජීවිතවලට කඳුළු දීලා, ඔබ සමාජය ඉදිරියේ අසරණවන්න, පිළිකුලට, හිනාවට බඳුන් වන චරිතයක් වෙන්න එපා. බුද්ධිමත්ව අන්තර්ජාලය භාවිත කරන්න.
ජීවිතයට වැදගත් යයි පෙනෙන දේ පමණක් ගන්න. ජීවිතයට අනවශ්‍ය දේ එකතු කරගෙන විනාශ වෙන්න එපා.
0 comments :
Post a Comment