ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටාර්ටේ විසින් කුවේටය සමග සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතහැර පිලිපීන ශ්‍රමිකයන්, විශේෂයෙන් ගෘහ සේවිකාවන් රැකියා සඳහා කුවේට් දේශයට යාම තහනම් කළේය.
ලක්ෂ දෙකහමාරකට වැඩි පිලිපීන ශ්‍රමිකයෝ පිරිසක් මේ වනවිට කුවේටයේ රැකියා කරමින් සිටිති.
එයින් සියයට හැටකට අධික සංඛ්‍යාවක් සේවය කරන්නේ ගෘහ සේවිකාවන් වශයෙන් වුවද , තම රට වැසියා ගේ අයිතීන් උදෙසා කොතරම් ආර්ථික ප්‍රශ්න ඉදිරියේ උවද ඔහු එම තීරණය ගෙන ඇත.
ඝාතනය කරන ලද ගෘහ සේවිකාව ජොආනා ඩෙමෆෙලිස් නම් වූ අතර ඇගේ වයස අවුරුදු 29කි.
ඇය කලකට පෙර කුවේටයේ රැකියාවට ගොස් තිබුණේ සුළි සුළඟකින් ඔවුන්ගේගේ දොර විනාශ වී දැඩි ආර්ථික අමාරුකම්වලටද මුහුණ දෙමින් සිටි තත්ත්වයක් යටතේ ය.
අප රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැදපෙරදිග සේවය කරනු ලබන්නේ අවම කම්කරු අයිතීන් හෝ අහිනි වාතාවරනයකය.
බොහෝ විට මෙරටට රැගෙන එන අපගේ මව්වරුන් සොයුරියන්ගේ මළකඳන් ගණනන කරනවා හැරෙන්නට කිසිදු නීතිමය පියවරක් ගැනීමට හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඒ පිළිබඳව සාකච්චා කිරීමට කිසිදු වගකිව යුත්තෙකු නැත.
එහෙත් සිය ගණන ඉහල මට්ටමේ වැටුප් ලබන ආයතන කිහිපයක් මෙන්ම ඒ වෙනුවෙන් සුර සැප විඳින දේශපාලුවන් ගනනාවක් නියෝජනය කරන අමාත්‍යාංශයක්ද මේ දිවයිනේ පිහිටා ඇත.. මේ හිස් මොළ ගෙඩි වලට පිලිපීනයෙන් දුන් ආදර්ශය කිසි කලෙක නොදැනෙන බව පමණක් ස්ථිරව කිව හැක.
0 comments :
Post a Comment