කොච්චර බලාපොරොත්තු තිබුණත් වැඩක් නැහැ. මගේ බලාපොරොත්තු ගොඩක් කඩවුණා..’ – මුතු තරංගා….
පුංචි තිරයෙන් සිනමාවෙන් නිරන්තරයෙන්ම අලුත් නළු නිලියන් දකින්න ලැබෙනවා. ඒ සැණින් බොහෝ දෙනා නොපෙනී යනවා. නමුත් මිට වර්ෂ ගණනාවකට පෙර පුංචි තිරයට නිලියක් ලෙස කලඑළි දුටු මුතූ තරංගා දැක්කත් නොදැක්කත් එක සේ ජනප්‍රියයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.
අවුරුදු තුනකට විතර පස්සෙ ආයෙත් පුංචි තිරයට ඇවිත් නේද?
ඔව්, බුද්ධිනී ජයවර්ධන තිර රචනය කරපු නුවනි වලිමුනි නිෂ්පාදනය කරපු අලුත් ටෙලි නාට්‍යයට දායක වුණා.
මෙච්චර කාලයක් ඇයි හැංගිලා හිටියෙ?
ඇත්තටම මට ක්ෂේත්‍රය ගැන ලොකු කලකිරීමක් තිබුණා. සමහර රූගත කිරීම්වලදී කෑම බීම අන්තිමයි. අපිට ඇඳුම්, වාහන තියෙනවා නම් තමයි නාට්‍යවලට ගන්නෙ. අනෙක සල්ලි දෙන්නත් පරක්කු වෙනවා.
ගායනය පැත්තට යොමු වුණේ රංගනය ගැන කලකිරුණු නිසාද?
ඔව්. ඇත්තටම කලකිරුණු නිසා. නැත්නම් මං තාමත් රංගන කටයුතු විතරයි කරන්නෙ. ඒ නිසාම තමයි මම ‘ළං වුණා’ ගීතයත් කළේ.
දැන්මම විවාහ වෙන්න අදහසක් නැද්ද?
මම හිතන්නෙ හැමදේටම වාසනාව සහ වෙලාව තියෙන්න ඕන. කොච්චර බලාපොරොත්තු තිබුණත් වැඩක් නැහැ. මගේ බලාපොරොත්තු ගොඩක් කඩවුණා. හිත් රිදීම් ඇති වෙන නිසා මම දැන් ලොකුවට බලාපොරොත්තු තියාගන්නෙත් නැහැ. ඒ තැනට මම වැටෙන්න කැමැති නැහැ.
මොනවද අලුත් වැඩ?
අලුතින් සින්දුවක් කළා. ළඟදීම ඒකට වීඩියෝ එකක් කරන්න ඉන්නෙ. ඒ ගීතය නම් කරලා තියෙන්නේ ‘දිවුරලා’ කියන නමින්. එහි සංගීතය චන්දන වල්පොලගේ. පද රචනය සජිත් වී. චතුරංගගේ.
0 comments :
Post a Comment