හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට නොගැනීම පිළිබඳ සමාජය තුළ බරපතල කතිකාවක් ඇතිවී ඇති පසුබිමක ඔහු සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ ඇයිදැයි යන්න ගැන
අද (10) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ‘‘ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න බැහැ ලංකාවේදී‘‘ යන්නයි.
ඒ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැහැදිලි කළේ, ‘‘ඒක තමයි ලංකාවේ නීතිය. ඒක තමයි මමත් දන්නේ නැත්තේ. මේවා අහනකොට තමයි මට බණින්නේ. ගෝඨාභය රාජපක්ෂලාගේ වැරදි අපි කතා කළේ මේ ආණ්ඩුවට ඇවිල්ලා නෙමෙයි. ගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉඳගෙනමයි. කශේරුකාවක් තියෙන තුන් හතර දෙනෙක් හිටියා කැබිනට් එකේ ජනාධිපති රාජපක්ෂගේ ඒ ප්‍රතාපවත් දේහය දිහා බලාගෙන ප්‍රශ්න කරන්න. අනිත් ඔක්කොම මුනිවත රකිමින් ‘එසේය මහරජාණෙනි‘ කියලා හිටියා‘‘ යන්නයි.
0 comments :
Post a Comment